News Line| Off Air
Generic placeholder image

May
30

ලංකාවේ ක්‍රිකට් පාවාදීම්, වංචා කරන අයට වැඩ වරදින ලකුණු. ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලස් පනත යටතට.

526 Views


ලංකාවේ ක්‍රිකට් පාවාදීම්, වංචා කරන අයට වැඩ වරදින ලකුණු. ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලස් පනත යටතට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පූර්ණ රජයේ ආයතනයක් නෙවෙයි. ඒ නිසා රජයේ ආයතන වලට බලපාන සමහර නීති රීති ක්‍රිකට් ආයතනයට බලපාන්නේ නෑ. ඒ නිසා ක්‍රිකට් ආයතයේ තරඟ පාවාදීම් වලට සහ වංචා වලට ලොකු දඬුවම් දෙන්න පුළුවන් කමක් නෑ.

ඒ නිසා ක්‍රිකට් තරඟ පාවාදීම්, වංචා සහ දූෂණ බරපතල වරදක් විදියට සලකලා අල්ලස් හෝ දූෂණ පනතට යටත් කරන්න යනවා. අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තමයි මේ බව සඳහන් කරේ. මේ නිසා තරඟ පාවා දෙන, වංචා සහ දූෂණ කරන අයට දැඩි දඬුවම් ලබා දෙන්න පුළුවන් වෙනවා.

ඊට අමතරව ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ද අල්ලස් පනතට යටත් කරනවා කියලා සරත් ජයමාන්න මහතා සඳහන් කරා. ක්‍රිකට් වගේම අනිත් ක්‍රීඩාත් අල්ලස් පනත යටතට ඇතුල් කරනවා කියලා

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය ජුනි 2 ඉඳන් 8 වෙනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැත් වෙනවා. එහිදී තරඟ පාවාදීම බරපතළ වරදක් විදියට සළකලා නීතිමය ක්‍රියා මාර්ග ගන්න එක ගැන සාකච්ඡා කරනවා කියලා සරත් ජයමාන්න මහතා වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post