මේ අවුරුද්දේ පුර පසළොස්වක පෝය යෙදෙන දවස් ගැන ලොකු කතා බහක් ඇති වුණා. ඒ වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මාසයට දීලා තිබුන නිසා. ඒ වගේම මැයි මාසයේ පෝය අධි පොසොන් පෝය විදියට නම් කරලා තිබුණා.
ඊළඟ අවුරුද්දේ පෝය යෙදෙන දවස දැන්ම ගැසට් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ පෝය දවස් වල නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මේ තියෙන්නේ 2019 පුර පසළොස්වක පෝය යෙදෙන දවස්.
ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක
මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක
අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක
මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක
අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක
සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක
ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක
නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක
දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක