News Line| Off Air
Generic placeholder image

May
30

මාරාන්තික වෛරසයක් ඉන්දියාව කලඹයි. ලංකාවටත් පැතිරීමේ අවධානමක්.

677 Views


මාරාන්තික වෛරසයක් ඉන්දියාව කලඹයි. ලංකාවටත් පැතිරීමේ අවධානමක්.

මේ දවස්වල මාරාන්තික වෛරසයක් ඉන්දියාව කළඹන්න සමත් වෙලා තියෙනවා. මේ වෛරසය නම් කරලා තියෙන්නේ “නිපා” කියලා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරිලා තියෙන්නේ.

වවුලන්ගෙන් තමයි මේ මාරාන්තික වෛරස් එක පැතිරෙනවා කියලා හොයා ගෙන තියෙන්නේ. මේ වෙද්දී කේරළයේ පුද්ගලයින් 13 දෙනෙක් මේ වෛරසයෙන් තියෙනවා. 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරලා තියෙනවා. මේ වෛරසය වැළඳෙන 70% දෙනා යන බව සඳහන් වෙනවා.

සත්වයින්ගෙන් බෝ වෙන මේ වෛරසය ලෝකය පුර ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝකයේ මීළඟ වසංගත රෝගය නිපා වෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ නිපා වෛරසයට ප්‍රතිකාරයක් හොයාගෙන නෑ.

කේරළ ප්‍රාන්තයට ළඟින්ම තියෙන රට ශ්‍රී ලංකාව. ඒ නිසා මේ වෛරසය ලංකාවට ව්‍යාප්ත වීමේ අවධානමක් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post