බුකීකරුවන් සමඟ තරග පාවාදීම සම්බන්ධව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණයෙන් පස්සේ තවත් ඝාතනයක් ගැන හෙළිවෙලා වෙලා තියෙනවා. ඒ ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ ඝාතනය ගැන.
ප්‍රේමසිරි හැළඹගේ මහතා පුතත් සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඒ 2016 අගෝස්තු මාසයේ 12 වන දා. මුලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා අනාවරණය කළේ 2016 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තිබ්බ ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගැන.
ඒ අනුව ක්‍රිකට් ක්ෂේත්‍රයේ තොරතුරු මුලාශ්‍ර පෙන්වා දෙන්නේ හැලඹගේ ඝාතනය සිද්ධ වුණේ අදාළ තරගයට දවස් කිහිපයකට පස්සේ. තවත් අතිශය වැදගත් සාක්ෂියක් සම්බන්ධවද ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවධානය යොමු වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා. ඔහු ඒ තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක ගාලු ක්‍රීඩා සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ වෙත යැවූ අභ්‍යන්තර මෙමෝ සටහනක් ගැන අවධානය යොමු වෙලා තියෙනවා.
අනාවරණය වෙලා තියෙන විදියට එම මෙමෝ සටහනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙස සඳහන් වෙලා තියෙනවා. ඒ 15 දෙනා අතර මේ වනවිට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ලවී ඇති තරිඳු ඉන්දිකගේ නමත් සඳහන් වෙලා තියෙනවා.
ඒ වගේම පළමු වරට ඔහුව ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා ඇත්තේද මේ මෙමෝ සටහන හරහා. ගොඩ්ෆ්‍රි දාඹරේගේ එම මෙමෝ සටහනට පිළිතුරු යවමින් ප්‍රේමසිරි හැලඹගේ දන්වලා තියෙන්නේ දැනට සිටින කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායම පත් කරන්න එපා කියලා.
ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාටද තරග පාවාදිමේ චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ වෙද්දී ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස ද ඔහු ගොඩ්ෆ්‍රි දාඹරේ වෙත දන්වා තිබුණා.
2016 පෙබරවාරි 25 වන දා මෙම දැනුම්දීම සිදුකිරීමට හැලඹගේ කටයුතු කරලා තිබ්බා. හැබැයි එය නොසළකා 2016 පෙබරවාරි 29 වන දා ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මුලින් නම්කල 15 දෙනා අදාළ තනතුරුවලට පත් කරලා. ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බව එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වෙලා තියෙනවා.