News Line| Off Air
Generic placeholder image

May
30

තිලංගගේ ක්‍රිකට් අනාගතය තීරණය කරන දවස අද.

803 Views


තිලංගගේ ක්‍රිකට් අනාගතය තීරණය කරන දවස අද.

ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ. නම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා සභාපති පුටුවට තරඟ කරන අය අතර ලොකු තරඟයක් තියෙන්නේ.

නිශාන්ත රණතුංග මහතා වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව අධිකරණයේ පෙත්සමක් ගොනු කරා. ඒ තිලංග සුමතිපාල මහතා එම ධුරය සඳහා යළි තරග කිරීම වළකාලමින්. අභියාචනාධිකරණයට ගොනුකර ඇති පෙත්සම අද (30) සලකා බලන්න නියමිතයි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් විදියට නම් කරලා තියෙනවා.

තිලංග සුමතිපාල අදාළ තනතුර සඳහා තරග කළහොත් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සමේ සඳහන් කරලා තියෙනවා. නිලවරණය පවත් වන්න පත් කරපු කමිටුව නීති විරෝධී පෙත්සමේ සඳහන් කරලා තියෙනවා.

කොහොම වුනත් අද අභියාචනාධිකරණයෙන් දෙන තීන්දුව අනුව තමයි තීරණය වෙන්නේ තිලංග මහතාට ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරන්න පුලුවන්ද බැරිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post