දකුණු පළාතේ ව්‍යාපත වෙන මාරාන්තික වෛරසය තාම අඩු වෙලා නෑ. ඊයේ තවත් කුඩා දරුවෙක් මේ වෛරසයෙන් මිය ගියා. ඒ අනුව මේ වෙද්දී කුඩා ළමයි 13 ක් මේ උණ රෝගය නිසා මිය ගිහින් තියෙනවා.
හැබැයි සෞඛ්‍ය ඇමතිතුමා මේ ගැන කියන්නේ වෙනම කතාවක්. එතුමා කියන්නේ මාධ්‍ය වලින් 15 දෙනෙක් මිය ගිහින් කිව්වට ඇත්තටම මිය ගිහින් තියෙන්නේ 9 දෙනෙක් විතරයි කියලා. නමුත් දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරීන් නම් කියන්නේ 13 දෙනෙක් මේ වෛරසය නිසා මිය ගිහින් කියලා.
මේ අතර රෝගය පාලනය කරන්න ඕන ඖෂධ වර්ග සහ අනෙකුත් ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියක් නැතුව මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබුණා. වෛරසය ආසාධනය වුන රෝගීන් 300 ක් විතර දකුණේ රෝහල් වල ප්‍රතිකාර ගන්නවා. ඒ අතරින් 85% ක් ම කුඩා ළමයි.
වෛරස් 3 ක එකතුවක් මේ උණ රෝගයට හේතු වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් පිදුම් ලැබුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ ලංකාවට ආව වෙලේ මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ ගැන ඇහුවා.
“ඉතාමත් හොදින් අපි රෝගය පාලනය කර තිබෙනවා. මාධ්‍ය වලින් සහ නොයෙකුත් සංවිධානවලින් මේවා දේශපාලනය වශයෙන් භාවිත කරනවා. මේ උණ රෝගයක්. ඒ නිසා ඒකට අවශ්‍ය සියලුම දේවල් අපි ලබාදී තිබෙනවා. දැඩි සත්කාරක ඒකක විතරයි එතන ප්‍රශ්නයක් තිබුණේ. මම එතන නියෝග දුන්නා ලේකම්තුමාට අපිට අඩුනම් පුද්ගලික අංශයේ දැඩි සත්කාරක ඒකක පාවිච්චි කරලා ඒකට අවශ්‍ය මුදල් ගෙවන්නට කියලා” කියලයි ඇමතිතුමා කිව්වේ.