News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

හෝමාගම රෝහලේ මිය ගිය කාන්තාවක් මෝචරියට ගෙනියද්දි පණ ඇවිත්.

1128 Views


හෝමාගම රෝහලේ මිය ගිය කාන්තාවක් මෝචරියට ගෙනියද්දි පණ ඇවිත්.

මැරුණ කෙනෙක්ට ආයේ පණ ආවා කියලා අහලා තියෙනවා නම් ඒ හත්පණ කතාවේ විතරයි. හැබැයි මෝචරියට ගෙන ගිය කාන්තාවකට ආයෙත් පණ ආපු කතාවක් අපිට හෝමාගමින් ආරංචි වුණා.

මත්තේගොඩ කිරිපම්ගමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවකට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඇයව උදරයේ ආබාධයක් නිසා හෝමාගම රෝහලට ඇතුල් කරලා තියෙනවා. වෛද්‍යවරු රෝගියා පරික්ෂා කරාට පස්සේ හෙදියක් ඒ කාන්තාවට එන්නතක් විදලා තියෙනවා. ඊට පස්සේ මේ රෝගී වෙලා තියෙනවා.

රෝගියා පරික්ෂා කල වෛද්‍යවරු කියලා තියෙන්නේ කාන්තාව මිය ගිහින් කියලා. කොහොම වුනත් රෝගියෙක් මිය ගියාම මෝචරියට මෘත ශරීරය යවන්න කලින් පැයක් රෝහල් ඇඳේ තියලා තියෙනවා. මේ කාන්තාවගේ මියගියා කියපු සිරුරත් ඒ විදියට පැයක් රෝහල් ඇඳක් මත තියලා.

පැයකට පසුව මෘත ශරීරය මෝචරියට ගෙනියද්දි මිය ගියා කියන කාන්තාවගේ කකුලක් හෙලවෙනවා ඥාතියෙක් දැකලා තියෙනවා. ඒ ඥාතියා කෑගහලා කාන්තාව මෝචරියට යවන එක වළක්වලා තියෙනවා. පසුව රෝගී කාන්තාව ඥාතීන්ගේ බාරයට අරගෙන තියෙනවා.

මේ වෙද්දී ඒ කාන්තාව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ඉන්නවා. හැබැයි ඇයගේ තත්වය බරපතලයි කියලා ඥාතීන් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post