අතීතයේ ඉඳන්ම භාණ්ඩ ප්‍රවාහනයට තිබුණේ විශේෂ තැනක්. අතීතයේ මිනිසුන් භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැව්, කරත්ත සහ සතුන් යොදා ගත්තා. ඒ වගේම මේ වෙද්දී ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා.
නැව්, ගුවන් යානා සහ විශාල කන්ටේනර් මේ වෙද්දී භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. මේ වෙද්දී ලෝකය පුරා භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් රැසක් තියෙනවා. M&M Militzer & Münch සමාගම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම යුරෝපයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහකයා විදියට M&M Militzer & Münch සමාගම හඳුන්වා දෙන්න පුළුවන්.
ඊයේ M&M Militzer & Münch සමාගම ලංකාවෙත් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරා. කොළඹ ගලදාරි හෝටලයේදී ඊයේ M&M Militzer & Münch සමාගම හඳුන්වාදීමේ උත්සවය පැවැත් වුණා. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ආවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා.
M&M Militzer & Münch සමාගමට අවුරුදු 130 ක් ඉතිහාසයක් තියෙනවා. ජර්මනියේ ආරම්භ කරපු සමගම 1880 දී තමයි පටන් අරගෙන තියෙන්නේ. M&M Militzer & Münch සමාගම සතුව රටවල් 35 ක ශාඛා 100 කට වඩා තියෙනවා. සේවකයින් 2800 කට වඩා එම ආයතනය යටතේ සේවය කරනවා.