News Line| Off Air
Generic placeholder image

Jun
1

පුහුණු තරඟයේ දෙවෙනි දවස අකිල ධනංජය අයිති කර ගනී. කොදෙව්වන්ට දැවැන්ත පරාජයක ලකුණු.

12619 Views


පුහුණු තරඟයේ දෙවෙනි දවස අකිල ධනංජය අයිති කර ගනී. කොදෙව්වන්ට දැවැන්ත පරාජයක ලකුණු.

ශ්‍රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරඟයේ දෙවෙනි දවස අවසන් වෙද්දී ලංකාව වැඩි ගෞරව ලබා ගෙන තිබුණා. පලවෙනි ඉනිමට ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 428 ක් ලබා ගත්තා.

කුසල් ජනිත් ලකුණු 65 යි. නායක චන්දිමාල් ලකුණු 108 ක් ලබා ගත්තා. මැතිව්ස් ලකුණු 41 යි. ඊයේ දවසේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කල දික්වැල්ල ලකුණු 74 ක් ලබා ගත්තා. ඒ 4 පහර 8 ක් සමඟින්. අකිල ධනංජය ලකුණු 30 යි.

පන්දු යැවීමේදී වොරිකන් කඩුලු 4 ක් බිඳ හෙලුවා. කොන්වල් කඩුලු 3 යි. රීෆර් කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව් සභාපතිගේ කණ්ඩායමට ඊයේ දවසේ ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 223 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 7 ක් බිඳ වැටුණා. කෑම්ප්බෙල් ලකුණු 62 යි. නායක පොවෙල් ලකුණු 60 යි. බෘක්ස් ලකුණු 29 යි. අනිත් කිසිම කොදෙව් පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න බැරි වුණා.

අකිල ධනංජය කඩුලු 3 ක් දවා ගත්තා. ලහිරු කුමාර කඩුලු 2 යි. දිල්රුවන් එක කදුල්ලයි. කොදෙව් කණ්ඩායමට පළවෙනි ඉනිමේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 205 ක් අවශ්‍යයි. හැබැයි ඔවුන්ට කඩුලු 3 ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post