News Line| Off Air
Generic placeholder image

Jun
1

කොදෙව්වන් මුළු ලෝකයම පරාජය කරද්දී තිසර පෙරේරා නම්බුව රැක ගනී. – Photo

1188 Views


කොදෙව්වන් මුළු ලෝකයම පරාජය කරද්දී තිසර පෙරේරා නම්බුව රැක ගනී. – Photo

ඊයේ තවත් විශේෂ තරඟයක් එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත් වුණා. ඒ ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර T20 තරඟය. මේ තරඟයේදී ලකුණු 72 ක් දැවැන්ත ජයක් ලබා ගන්න කොදෙව් දැවැන්තයින් සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත ලෝක කණ්ඩායමේ නායක අෆ්‍රිඩි මුලින්ම පන්දු රකින්න තීරණය කරා. කොටන කුකුළට මොන කොටුවත් එකයි කියන්න වගේ කොදෙව් පිතිකරුවන් ලෝඩ්ස් පිටිය සිසාරා පහරවල් එල්ල කරා.

ගේල් ලකුණු 18 කට දැවී ගියා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලෙවිස් වේගවත් ලකුණු 58 ක් ලබා ගත්තා. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 5 ක් එක්ක. සැමුවෙල් ලකුණු 43 යි. රාම්දීන් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. රසල් නොදැවී ලකුණු 21 යි. රෂීඩ් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තා. කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 199 ක් ලබා ගත්තා. ඒ කඩුලු 4 ක් දැවී.

දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය ලෝක කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වුණා. ඔවුන්ගේ පළවෙනි කඩුලු 4 ලකුණු 8 කට දැවී ගියා. අන්තර පරාජයකට යමින් හිටිය ලෝක කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ලබා දෙන්න තිසර පෙරේරාට පුළුවන් වුණා. තිසර එක අන්තයක හුදකලා සටනක් කරද්දී ලෝක කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින් එකා පිට එකා දැවී ගියා.

ෂොයිබ් මලික් ලකුණු 12 යි. අෆ්‍රීඩි ලකුණු 11 යි. තරඟයේ වැඩිම ලකුණු ලාභියා වුන තිසර ලකුණු 61 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 7 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා. තිසර පෙරේරා ඊයේ T20 ලකුණු 1000 සීමාව පහු කරන්නත් සමත් වුණා. T20 ලකුණු 1000 සීමාව පහු කල 6 වෙනි ශ්‍රී ලාංකික පිතිකරු තිසර.

කොහොම වුනත් ලෝක කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 127 ක් විතරයි. විලියම්ස් කඩුලු 3 යි. බද්‍රී සහ රසල් කඩුලු 2 ක බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා ලෙවිස්.


News Articles
Latest Videos
Most Popular Post