විභාග ප්‍රතිඵල අඩු වුනොත් අපේ අය රටේ නැති හේතු කියනවනේ. ලෙඩවෙලා හිටියා කියයි, පන්තියේ ඉගැන්නුවේ නෑ කියයි දහසක් හේතු කියයි. හැබැයි ඒ දේවල් වලට වඩා විභාග ප්‍රතිඵලයට බලපාන දෙයක් ගැන පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.
ඒ තමයි පරිසර උෂ්ණත්වය. උෂ්ණත්වය වඩාත් වැඩි වසරවල ශිෂ්‍යන් විභාගවලදී අඩුවෙන් දක්ෂතා දැක්වීමට ඉඩ තියෙනවා කියලා හාවර්ඩ් සහ ඇමරිකාවේ වෙනත් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් හොයාගෙන තියෙනවා. ඉහළ උෂ්ණත්වය සහ අවම පාසල් දක්ෂතා අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා කියලයි පර්යේෂකයින් කියන්නේ.
මේ පරීක්ෂණයට ඇමරිකානු ද්විතීක පාසල් සිසුන් මිලියන දහයකගේ වසර 13 ක ප්‍රතිඵල යොදාගෙන තියෙනවා. මේකට පිළිතුරක් විදියට වායු සමීකරණ භාවිතා කරන්න පුළුවන් කියලා පර්යේෂකයන් සඳහන් කරනවා.
වසරක ඉහළ යන සෑම සෙල්සියස් අංශක 0.55 කටම ඉගනීමේ දක්ෂතා 1% පහළ යන අබව පර්යේෂකයන් විසින් ගණන කරලා තියෙනවා. ඉගනීමට ඇති හැකියාව අවම වීම වඩාත් ඉහළ යන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විට.