News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

දකුණේ පැතිරුණ උණ අරං ආවේ විදේශිකයෙක්ද?

1519 Views


දකුණේ පැතිරුණ උණ අරං ආවේ විදේශිකයෙක්ද?

දකුණු පළාතේ පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තාමත් අඩු වෙලා නෑ. මේ වෙද්දී ජීවිත 13 ක් මේ රෝගයෙන් නැති වෙලා තියෙනවා. මේ වෛරසය හොයා කොහොම දකුණු පළාතට ආවද කියලා තාමත් හොයාගෙන නෑ.

ඒ වුනත් ඒ ගැන විවිධ මත මේ වෙද්දී පළවෙලා තියෙනවා. මේ වෛරසය විදේශිකයෙකු මාර්ගයෙන් දකුණු පළාතේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා රජයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීන් සඳහන් කරා.

හැබැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කිව්වේ ඒ බව ඔප්පු කරන්න විද්‍යාත්මක සාධක නෑ කියලා. “එහෙමනම්, ඒක සනාථ කරන්න ජානමය පරීක්ෂණයක් කර පෙන්වන්න ඕන. එහෙම කරුණු සනාථ කිරීමක් නැහැ, එක එක්කෙනා මත පළ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ, ඒ නිසා විදේශිකයෙකුගෙන් ආවා කියන කාරණයේ කිසිම විද්‍යත්මක සත්‍යතාවක් නැහැ,” කියලයි එතුමා වැඩි දුරටත් සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post