News Line| Off Air
Generic placeholder image

Jun
1

මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” වුණේ ඇයි? ගයාන් සඳකැලුම් කියයි.

2103 Views


මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” වුණේ ඇයි? ගයාන් සඳකැලුම් කියයි.

දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ඊයේ ආරම්භ වුණා. ඊයේ ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්.

මහා රාවණා දෙවෙනි කොටස “රාක්ෂායණය” කියලා නම් කරේ ඇයි කියලා Facebook ඔස්සේ විශාල පිරිසක් අපෙන් අහලා තිබ්බා. ශ්‍රාවකයන්ගේ ඉල්ලීම මත “රාක්ෂායණය” වැඩසටහන නිෂ්පාදනය කරන ගයාන් සඳකැලුම් මහතාගෙන් අපි මේ ගැන ඇහුවා.

රාවණා ඉතිහාසය ගැන සඳහන් වෙන පොතක් තමයි “රාමායණය” කියන්නේ. හැබැයි රාමායණය පොත හරහා රාවණා ඉතිහාසය විකෘති කරලා තියෙනවා. මහා රාවණා ඇතුළු හෙළයන් “රාක්ෂ වංශයට” අයත් වෙනවා. ඒ නිසා සැබෑ රාවණා ඉතිහාසය ඔබ වෙත ගෙන එන රාවණා දෙවෙනි කොටස “රාක්ෂායණය” කියලා නම් කරලා තියෙනවා.

ඔබට “රාක්ෂායණය” සියත FM ඔස්සේ අහන්න වෙලාවක් වෙන් කරගන්න බැරි වුනත්, සියත FM Youtube Channel එක ඔස්සේ , www.siyathafm.lk ඔස්සේ හෝ www.siyatha24.lk වෙබ් අඩවියන් හරහා පහුගිය වැඩසටහන් අහන්න පුළුවන්. මේ තියෙන්නේ “රාක්ෂායණය” පළවෙනි වැඩසටහන.

https://youtu.be/5KCGujdDhU8


News Articles
Latest Videos
Most Popular Post