News Line| Off Air
Generic placeholder image

Jun
1

නිසි බලධාරියා කි‍්‍රකට් මූලස්ථානයේදී රාජකාරී කටයුතු ආරම්භ කරයි. (PHOTOS)

992 Views


නිසි බලධාරියා කි‍්‍රකට් මූලස්ථානයේදී රාජකාරී කටයුතු ආරම්භ කරයි. (PHOTOS)

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියා විදිහට පත් කරපු එම අමාත්‍යාංශයේ ලේකම්, කමල් පත්මසිරි මහතා අද උදෑසන කි‍්‍රකට් මූලස්ථානයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කලා.

කමල් පත්මසිරි මහතා එක්ක කි‍්‍රකට් මූලස්ථානයට ආපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කි‍්‍රකට් නව නිසි බලධාරිවරයාව කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ට හා සේවකයන්ට හඳුන්වා දෙනු ලැබුවා.

කි‍්‍රකට් ආයතනය ගෙනයන වත්මන් කි‍්‍රයාදාමයට තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදීමටත් කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී සේවකයන් අමතමින් සහතික වුණා.

“මට ඔබලාට කීමට ඇත්තේ දැනට ඔබ ආයතනය ගෙනයන යහපත් කි‍්‍රයාදාමයන් එලෙසම පවත්වාගෙන යන ලෙසයි. අප වෙනස්කම් කිසිවක් කිරීමට අපේක්‍ෂා කරන්නේ නෑ. අප මෙහි පැමිණියේ අධිකරණ නියෝග මත නව නිලධාරී මඩුල්ලක් තෝරා ගැනීමට නොහැකි වූ නිසයි. අප රටක් රජයක් හා පුරවැසියන් ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව ආරක්‍ෂා කරනවා. මගේ අමාත්‍යාංශ ලේකම්තුමා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානියා ලෙස කි‍්‍රයා කරන අතර, මා එය සමස්තයක් ලෙස අධීක්‍ෂණය කරනවා. මා පාර්ලිමේන්තුවට වගකිවයුතු නිසා මේ සැම දෙයක්ම නිසියාකාරව සිදුවිය යුතුයි.”

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් කිව්වේ තමාගේත් තම ආයතනයේත් පූර්ණ සහයෝගය නිසිබලධාරියාට ලබාදෙන කියලයි.

ජන්දයෙන් තෝරාගත් නිලධාරි මඩුල්ලක් කි‍්‍රකට් ආයතනය පාලනය කළත් ඔවුන්ගේ සේවා කාලය මැයි 31 වැනිදා අවසන් වුණා. මේ නිසා කි‍්‍රකට් ආයතනයේ කටයුතු පිළිබඳව සොයා බැලීමට කී‍්‍රඩා අමාත්‍යතුමා නිසි බලධාරියෙකු පත්කළා. කි‍්‍රකට් ආයතනයේ සේවකයන් වශයෙන් ආයතනය සාර්ථකව ඉදිරියට ගෙනයාමට අපගේ සම්පූර්ණ සහයෝගය නිසි බලධාරියාට ලබාදෙනවා යැයි ඈෂ්ලි ද සිල්වා මහතා ප‍්‍රකාශ කලා.

කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී අංශ ප‍්‍රධානීන් වෙන වෙනම මුණගැසී කි‍්‍රකට් ආයතනයේ කටයුතු පිළිබඳවද සාකච්ජා පැවැත්වුවා.


News Articles
Latest Videos
Most Popular Post