News Line| Off Air
Generic placeholder image

Jun
2

ලෝකයෙන් තුරන් වී ගිය සතෙක් චීනයෙන් මතුවෙයි

6173 Views


ලෝකයෙන් තුරන් වී ගිය සතෙක් චීනයෙන් මතුවෙයි

වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ රතු දත්ත වාර්තා පොතේ. මේ වෙද්දී ලෝකයෙන් තුරන් වී ගිය සතෙකු විදිහට නම් කරල තිබුණ ප‍්‍රමාණයෙන් විශාල සලමන්දරා සත්වයෙක් චීනයෙන් හමු වෙලා තියෙනවා. මීට වසර මිලියන 170 කට පමණ පෙර ජීවත් වූ බවට සැක කෙරෙන සත්ව විශේෂයක් තමයි සලමන්දරා විශේෂය. මීට අවුරුදු 4 කට කලින් තමයි මේ සත්ව විශේෂය වඳ වී ගිහින් කියල රතු දත්ත පොතේ සටහන් කරල තිබුණේ. මේ වෙද්දී ජීවත් වන සලමන්දරා විශේෂ 24න් වඳ වඳවෙලා කියල වාර්තා වෙන්නේ මේ විශේෂය විතරයි.

උරග ගණයට අයත් මේ සලමන්දරා සත්වයා, මේ විශේෂයට අයත් සලමන්දරාවන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාලයි. සාමාන්‍යයෙන් සලමන්දරා සත්වයෙකුගේ බර කිලෝ 25ක් පමණ වන අතර දිග සෙන්ටි මීටර් 20ක් පමණ වෙනවා. එත් මේ සත්වයා කිලෝ 34ක බරින් සහ මීටරයක දිගින් යුතු වෙනව. සත්වයා හමු වූ මොහොතේ ඌව පාලනය කර ගන්න මිනිසුන් හය දෙනෙකුට පැය දෙකකට අධික කාලයක් ගත වූනා කියලත් වාර්තා වෙනවා.

යුනෑන් ප‍්‍රාන්තයේ Xishuangbanna වැසි වනාන්තරයේ ඉඳල තමයි මෙම සලමන්දරා පිළිබඳ පර්යේෂණ කටයුතු, චීන විද්‍යා ඇකඩමියෙන් සිදු කරන්නේ. මේ සත්වයා ගැන සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගන්න සති 16ක කාලයක් ගත වෙලා තියෙනවා. විද්‍යා ඇකඩමියෙන් මේ ගැන මාධ්‍යයට වාර්තා කරල තියෙන්නේ සත්වයා ගැන සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පස්සේ.


News Articles
Latest Videos
Most Popular Post