News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

දුමින්ද මහ ලේකම් පුටුවෙන් ඉවතට. ශ්‍රීලනිපයේ අලුත් නිලධාරී මණ්ඩලය මෙන්න.

1188 Views


දුමින්ද මහ ලේකම් පුටුවෙන් ඉවතට. ශ්‍රීලනිපයේ අලුත් නිලධාරී මණ්ඩලය මෙන්න.

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ අලුත් නිලධාරී මණ්ඩලය අද පත් කරා. ඒ අපේ ගම පරිශ්‍රයේ තිබ්බ විශේෂ රැස්වීමේදී. මේ රැස්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවලා තිබ්බා.

ශ්‍රීලනිපයේ සභාපති විදියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තව දුරටත් කටයුතු කරනවා. 2015 බල පෙරළියෙන් පස්සේ ශ්‍රීලනිප මහ ලේකම් විදියට පත් කර දුමින්ද දිසානායක මහතාට අද ඒ තනතුර අහිමි වුණා. ඔහු වෙනුවට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහ ලේකම් විදියට පත් කරලා තියෙනවා.

ශ්‍රීලනිපයට ජේෂ්ඨ උප සභාපතිවරු කිහිප දෙනෙකුත් පත් කරා. සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රියදර්ශන යාපා සහ W.D.J . සෙනෙවිරත්න යන මහත්වරු ජේෂ්ඨ උප සභාපතිවරු විදියට පත් කරලා තියෙනවා.

S.B. දිසානායක මහතා ශ්‍රීලනිපයේ අලුත් භාණ්ඩාගාරික විදියට පත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post