තිලංග සුමතිපාල මහතා පහුගිය දවසක නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය තාමත් තියෙන්නේ පුරප්පාඩු වෙලා. කවුද නියෝජ්‍ය කතානායක විදියට පත් කරන්නේ කියලා මේ දවස්වල පක්ෂ වල කතා බහ ඇති වෙලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුද්ධික පතිරණ මහතාගේ නම ඒ සඳහා යෝජනා කරන්න හදනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතාගේ නමත් යෝජනා කිරීමේ සාකච්ඡාවක් තියෙනවා කියලා එජාපයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් දෙදෙනාගේ නම් පක්ෂ නායකත්වය වෙත යෝජනා කරලා තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ නම යෝජනා කරන්න ඒකාබද්ධ විපක්ෂය සූදානමින් ඉන්නවා. මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පවත් වන්නත් නියමිතයි.