News Line| Off Air
Generic placeholder image

Jun
4

අලි මිනිස් ගැටුමට ෆොන්සේකා හමුදාවෙන් 3000 ක් ඉල්ලයි.

816 Views


අලි මිනිස් ගැටුමට ෆොන්සේකා හමුදාවෙන් 3000 ක් ඉල්ලයි.

අලි මිනිස් ගැටුම කියන්නේ කාලයක ඉඳන් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ නිසා අවුරුද්දකට විශාල මිනිස් හා අලි ජිවිත ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. අලි මිනිස් ගැටුමට තිත තියන්න අලුත් වනජීවී අමාත්‍යවරයා හමුදාවෙන් 3000 ක් ඉල්ලලා තියෙනවා.

ස්වෙච්ඡා හමුදාවෙන් 3000 ක් දෙන්න කියලා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා. ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ 3000 ක් දෙන්න ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා.

දැන් තියෙන අලි වැටවල් ශක්තිමත් මදි නිසා ඒවා ශක්තිමත්ව නැවත ඉදිකරන්න ඕන කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම කිලෝමීටර් 4000 ක අලි වැට තවත් කිලෝමීටර් 1000 ක් දක්වා වැඩි කරන්න ඕන කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.

“මම ජනාධිපතිතුමාගෙන් මෙම ගැටලුවට පිළිතුරක් හැටියට ස්වේච්ඡා හමුදාවෙන් 3000ක් දෙන්න කිව්වා. හමුදාව ගත්තම ප්‍රශ්න අඩුයි. ඒ අයට නවාතැන් දෙන්න අවශ්‍ය නැහැ. කෑම දෙන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ලම ඒ අය කරගන්නවා. ජනාධිපතිතුමා කිව්වා සිවිල් ආරක්ෂක භටයන් 3000ක් දෙන්නම් කියලා” සරත් ෆොන්සේකා මහතා මාධ්‍යට සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post