පලතුරු කියන්නේ අපි දිනපතා ආහාර වේලට එකතු කර ගන්න ඕනෑම දෙයක්. පලතුරු වලින් අපගේ ශරීරයට ලැබෙන පෝෂණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒවායෙන් සැපයෙන ශරීරයට අත්‍යාවශ්‍ය විටමින සහ සීනි දවස පුරා ඔබට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලබා
දෙනවා.
හැබැයි මේ වෙද්දී වෙළඳපොලට එන පලතුරු ආහාරයට ගන්න කලින් දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. ඒ ජාන තාක්ෂණයෙන් හදපු පලතුරු වෙළඳපොලට එන නිසා. ඒ වුනත් ඒ පලතුරු පහසුවෙන් හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා.
ඒ පලතුරු වල අලවලා තියෙන ලේබල් එක. මේ ලේබල් එකෙන් එම පලතුර ස්වභාවිකව වැඩුණු පලතුරක්ද, එසේත් නැතිනම් ජාන තාක්ෂනය යොදා ගෙන හදපු පලතුරක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එම ශාකය සදහා යෙදු පොහොර පිළිබදවද ඔබට අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. මේ ලේබල් ගැන දැන ගන්න ඕන කරුණු 3 ක් තියෙනවා.
01. අංක 4 කින් යුතු කේතය ආරම්භ වන්නේ 3 හෝ 4 ඉලක්කමෙන් නම්, එයින් අදහස් වන්නේ එම පලතුර සම්ප්‍රදායිකව නිෂ්පාදනය කරන ලද්දක් කියලා. මෙවැනි පලතුරු ආහාරයට ගැනීම සුදුසුයි.
02. අංක 5 කින් යුතු කේතයක පළමු ඉලක්කම 8 නම් එයින් අදහස් වන්නේ එය ජාන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලැබූ පළතුරක් බවයි.
03. අංක 5 කින් යුතු කේතයක අංකය ආරම්භ වන්නේ 9 ඉලක්කමෙන් නම් එයින් අදහස් වන්නේ එම පලතුර කාබනිකව නිෂ්පාදනය කරන ලද්දක් බවයි.