මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අනුස්මරණ උත්සවයේදී ජනාධිපතිතුමා ලොකු බෝම්බයක් අත ඇරියා. එතුමා කිව්වේ දින 100 ප්‍රකශනය හදපු කෙනෙක්වත් තමන් දන්නේ නෑ කියලා. ඒ වගේම තවත් චෝදනා රැසක්ම එජාපයට කරා.
ඒ වුනත් එජාපයේ කවුරුවත් ජනපතිගේ කතාවට උත්තර දෙන්න ගියේ නෑ. හැබැයි හරීන් ප්‍රනාන්දු මහතා දින 100’ ගැන අද කියනවා කියලා ඊයේ අරලිය ගහ මන්දිරයේදී කිව්වා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නව ජන සන්නිවේදන ඒකකය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙලා.
මෙහිදි හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත් වීම් ලබා ගත්තා.