පිළිකාව කියන්නේ මේ වෙද්දී ලෝකයේ තියන විනාශකරිම ලෙඩ වලින් එකක්. පිළිකා නිසා දවසට ජිවිත දහස් ගණනක් ලෝකයේ අහිමි වෙනවා. මිනිසුන්ට වගේම සතුන්ටත් පිළිකා ඇති වෙනවා.
මීයන්ගේ පිළිකා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇමෙරිකාවෙන් හොයාගෙන තියෙනවා. ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් තමයි මේ ප්‍රතිශක්තිකරණ එන්නත හොයාගෙන තියෙන්නේ.
පර්යේෂකයින් විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන ද්‍රව්‍ය 2ක් යොදා ගෙන තියෙන්නේ. මීයන් 90 ක් විතර මේ පරීක්ෂණයට යොදාගෙන තියෙනවා. ඉන් මීයන් 87 දෙනකුගේ පිළිකා සාර්ථකව ඉවත් කරලා තියෙනවා.
ඉදිරියේදී මෙය තව දුරටත් දියුණු කිරීමට බලාපොරොත්තුවන බව පර්යේෂකයින් කණ්ඩායම පවසන්නේ.