රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානම ක්‍රමයක් තමයි නැව් මඟින් ප්‍රවාහනය කිරීම. ටොන් දහස් ගණනක් නව මඟින් ප්‍රවාහනය කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට නව වලින් ගෙන එන බහලුම් මහා මුහුදට වැටෙනවා.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටිලා තියෙනවා. මේ නැව තායිවානයට අයිති එකක්.
බහාලුම්වලින් මුහුදට වැටුණු සනීපාරක්ෂ උපකරණ, ශල්‍යකර්ම ආවරණ සහ නැපීස් උතුරු සිඩ්නිහි මුහුදු වෙරළවලට ගොඩ ගහලා තියෙනවා. නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් නිසා බෝට්ටු සහ වෙළෙඳ නෞකාවල ගමනාගමනයට බාධා ඇති වෙන්න පුළුවන්.
හැබැයි භයානකම දේ එක නෙවෙයි. මේ සනීපාරක්ෂක ද්‍රව්‍ය තල්මසුන් ඇතුළු මුහුදු සත්ත්වයින් ගිල දමන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ පැවැත්මට බාධාවක් වෙන්න පුළුවන්.