News Line| Off Air
Generic placeholder image

Jun
4

“ඇමෙරිකාවේ වැඩ නිසා ටික දවසකින් වෙළඳ යුද්ධයක් පටන් ගන්නවා.” – ප්‍රංශය අනතුරු අඟවයි.

486 Views


“ඇමෙරිකාවේ වැඩ නිසා ටික දවසකින් වෙළඳ යුද්ධයක් පටන් ගන්නවා.” – ප්‍රංශය අනතුරු අඟවයි.

ලෝක යුද්ධ ගැන සරින් සැරේ විවිධ කතා ඇහෙනවා. උතුරු කොරියාවයි ඇමෙරිකාවයි න්‍යෂ්ටික යුද්ධ කරන්න හදනවා. තවත් වෙලාවකට රුසියාවයි ඇමෙරිකාවයි සීතල යුද්ධයකට මුල පුරනවා.

ආයෙත් ලෝක යුද්ධයක් ගැන කතා බහක් ඊයේ කරලියට ආවා. පහුගිය දා ඇමෙරිකාව ඇලුමිනියම් සහ වානේ ආනයනය සඳහා බදු වැඩි කරා. ඒ නිසා රටවල් රැසක් ඇමෙරිකාවට චෝදනා කරා.

ඇමෙරිකාවේ හිතුවක්කාර වැඩ නිසා තව ටික දවසකින් වෙළඳ යුද්ධයක් පටන් ගන්නවා කියලා ප්‍රංශය අනතුර අඟවනවා. ඊයේ කැනඩාවේ තිබ්බ G7 සමුළුවේදීත් විදේශ අමාත්‍යවරු ඇමෙරිකාවේ ක්‍රියා කලාපය විවේචනය කරලා තියෙනවා. ඇමෙරිකාවට හිතවත් රටවල් පවා ඔවුන්ට චෝදනා කරලා තිබීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post