දැන් අලුත්ම රැල්ල තමයි බොලිවුඩ් Films චීනෙට අරං යන එක. ඒ විදිහට බාහුබලී 2 ෆිල්ම් එක ගිය මාසේ චීනේ තිරගත වුණේ Box office ආදායම් වාර්තා බිදිමින්. ඒ අතරට එන අලුත්ම ෆිල්ම් එක තමයි සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර්ගේ ටොයිලට් ඒක් ප්‍රේම් කතා.
හැබැයි චීනෙ මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ toilet Hero කියන නමින්. චීන ජාතිකයන්ට මතක තියාගන්න ලේසි වෙන්නයි ඒ නම දාලා තියෙන්නේ. අමීර් කාන්, සල්මාන් කාන් සහ ප්‍රභාශ් රගපාන Films මේ වෙද්දි චීන ජාතිකයෝ බලලා තියෙනවා.
හැබැයි ආක්ශේගේ රගපෑම ඒ තුන්දෙනාටම වඩා වෙනස් නිසා ටොයිලට් හීරෝ ෆිල්ම් එකටත් චීනෙදි සාර්ථක වෙන එක ලේසි වෙයි කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.