News Line| Off Air
Generic placeholder image

Jun
4

කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියපු ආදරේ වෙනස් වෙනවද? අද රෑ 8ට සියත අහන්න. “සඳපිණි” ඔබට උත්තර දෙයි.

1048 Views


කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියපු ආදරේ වෙනස් වෙනවද? අද රෑ 8ට සියත අහන්න. “සඳපිණි” ඔබට උත්තර දෙයි.

පහුගිය සතියේ ඉඳලා සියත FM වැඩසටහන් පෙළගැස්මේ ලොකු වෙනසක් වුණා. ඒ නිසාම සියත FM ශ්‍රාවකයන්ගේ හදවතේ ඉන්න රේඩියෝ නාළිකාව වගේම අන්තර්ජාලයේ නැගී එන රේඩියෝ නාළිකාව වෙන්නත් සියත FM අපට පුළුවන් වෙලා තියෙනවා. රේඩියෝ නාළිකා වල විකාශය වන ආදරය ගැන කියවෙන වැඩසටහන් අතරින් මුල්තැන ඉන්න, වැඩසටහනක් තමයි “සියත ආදර රේඛා” කියන්නේ. ඔබ ආදරයෙන් අහපු “සියත ආදර රේඛා” වැඩසටහනත් අද ඉඳන් ලොකු වෙනසක් කරන්න ලෑස්තිවෙලා ඉන්නවා.

මෙච්චර කාලයක් තුළ “සියත ආදර රේඛා” එක්ක ඔබට ලංවුනේ නිශාන් එක්ක සජී. ඒ ආදරයේදී ඔබට ඒ දෙන්නා කිව්ව දෙයක් තමයි ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියන එක…එත් අද ඉඳන් නිශාන්ගේ ආදරය වෙනස්වෙලා. ඒ “සඳපිණි” එක්ක… අපි මේ කියන කතාවේ ගැට ටික ලිහාගන්න අද ඉඳන් අලුත්වෙන “සියත ආදර රේඛා” රෑ 8 ඉඳන් අහන්න කියල අපි ඔබට ආරාධනා කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post