News Line| Off Air
Generic placeholder image

Jun
5

මෙහෙණින් වහන්සේ කෙනෙක් වුන හේතුව තිසුරි හෙළිකරයි.

1217 Views


මෙහෙණින් වහන්සේ කෙනෙක් වුන හේතුව තිසුරි හෙළිකරයි.

තිසුරි කියන්නේ පවුලෙන්ම රංගනය උරුම වුන තරුණියක්. පෙම්වතියගේ චරිතයට කොටු නොවුන තිසුරි වවිධ චරිත වලින් දස්කම් පෙන්නන්න සමත් වුණා. පහුගිය දවසක් තිසුරි මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ වේෂ නිරුපණය කරපු Photo වගයක් අන්තරජාලයේ Share වුණා.

ඒ ගැන වගේම තවත් සති අන්ත පුවත් පතකට කියපු කතාව තමයි මේ.

තිසුරි යුවනිකා පැවිදි දිවියට යනුවෙන් මේ දවස්වල අන්තර්ජාලයේ ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා මේ ඡායාරූප පිටුපස ඇති ඇත්තම කතාව මොකක්ද?
මෙහෙණින් වහන්සේ නමක් විදියට මාව වේෂ නිරූපණය කළ ඡායාරූප පෙළක් තමයි ඔය විදියට දැන් කා අතරත් හුවමාරු වෙන්නේ. සජිත් වී චතුරංග රචනා කළ ප්‍රගීත් පෙරේරා සංගීතවත් කළ සඳුන් පෙරේරා ගායනා කරන “වරද පිළිගන්නවා” කියන ගීතයේ මියුසික් වීඩියෝවට තමයි මම ඔය විදියට පෙනී හිටියේ. මියුසික් වීඩියෝව නිර්මාණය කළේ හරී ක්‍රියේෂන් ආයතනයයි. මම මීට කලින් කිසිම නිර්මාණයක මෙහෙණින් වහන්සේ නමක් විදිහට රඟපාලා තිබුණේ නැහැ. සිවුර ඇඳගෙන හිටියේ පුංචිම පුංචි වේලාවක් වුණත් ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබිමත් මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියටයි මා සලකන්නේ.

හිස මුඩු කළ ආවරණයක් පැළඳගෙන, කසාවතින් සිරුර වසාගනිද්දී ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?
ඇත්තටම සිවුරක් පුංචිම වේලාවක් තුළ හෝ දරනවා කියන්නේ ඒක විශාල භාග්‍යයක්. මම හිස මුඩු කළ ආවරණයක් පැළඳගෙන, සිවුරක් ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවාම පුදුමාකාර පහන් හැඟීමක් හිතට දැනුණා. ඒ වගේ ආධ්‍යාත්මික ජීවිතයකට එළඹෙන්නත් මොන තරම් නම් කැපකිරීමක් කරන්න ඕනෑද කියලා මට හිතුණා.

තිසුරිගේ පෙම්වතා මේ චරිතය ගැන මොකද කිව්වේ?
එයත් මම වගේම ආගම දහමට බොහොම ළැදියි. අනෙක මෙය චරිතයක් වෙනුවෙන් කළ වෙස් ගැන්වීමක් බව එයා හොඳින්ම දන්නවා. ඒ නිසා මගේ චරිතය දැකලා එයත් සතුටු වුණා. මම මගේ දෙමාපියන්ගේ ආදරය උපරිම ලෙස විඳින කෙනෙක්. කවදා හරි දවසක මගේ සහකරුගෙනුත් මම ඒ විදියේ ආදරයක් බලා‍පොරොත්තු වුණා. ඉතින් මට දැන් ඒ ආදරයත් ලැබිලා තියෙනවා. අපි ළඟදීම විවාහ වෙන්නත් සූදානම්

අපි දන්නා විදියට නම් ඔබේ අනාගත සැමියා කලාවට කිසිම සම්බන්ධයක් ඇති කෙනෙක් ‍නෙවෙයි?
ඔව්, සුරාජ් නාවික ක්ෂේත්‍රයේයි රැකියාව කරන්නේ. සුරාජ්ගේ පවුලයි අපේ පවුලයි බොහොම හිතවත් පවුල් දෙකක්. ඒ හරහා දැන හඳුනාගත් යාළුකම පසු කලකදී ආදරයක් බවට පෙරළුනා. දවසක් එයාගේ අදහස මට කිව්වාම මම මගේ දෙමව්පියන් එක්ක ඒ ගැන කතා බහ කළා. අම්මයි තාත්තයි දෙන්නම එයාට කැමැත්ත දුන්නා.

පවු‍ලේ එකම දරුවා විදිහට තිසුරි විවාහ වෙලා අලුත් තැනකට පදිංචියට ගියොත් අම්මටයි තාත්තටයි ලොකු තනිකමක් දැනේවි නේද?
ඔව්. ඒ දෙන්නට මං නැතුව ඉන්න බැහැ. ඒ තරමට මට ගොඩාක් ආදරෙයි. මටත් එයාලා නැතුව ඉන්න බැහැ. කොහොමත් විවාහ වුණාට පස්සේ මමයි සුරාජුයි අනිවාර්යයෙන්ම අම්මලා එක්ක තමයි ඉන්නේ. මොකද අම්මටයි තාත්තටයි මම විතරනේ ඉන්නේ. සුරාජ් රැකියාව කරන්නේ විදෙස් රටක. ඒ නිසා එයා ලංකාවට යනවා එනවා. ඒ නිසා අපි දෙන්නටම කොහොමත් තනියම ඉන්න බැහැ. මොකද එයා නැති කාලෙ මට තනියම ගෙදර ඉන්න බැහැනේ. එච්චර වගකීමක් ගන්නත් මට තවම හුරු නැහැ. ඒ නිසා මම කසාද බැඳලත් අම්මලත් එක්කම ඉන්නවා.

විවාහයෙන් පස්සේ “තිසුරි” රඟපෑමෙනුත් සමුගන්නවාද?
අ‍පොයි නැහැ. විවාහ වුණා කියලා රඟපෑමෙන් සමුගන්නේ නැහැ. මොකද මම භාරගත්ත වැඩ තව ගොඩාක් තියෙනවා. හැබැයි විවාහයෙන් පස්සේ බාරගන්නා නිර්මාණවලට නම් මම සීමා මායිම් පනවා ගන්නවා. හොඳ නිර්මාණ ලැබුණොත් විතරයි බාරගන්නේ. මගේ රඟපෑමට සුරාජ්ගෙන් කිසිම බාධාවක් නැහැ. සුරාජ් මාව හඳුනා ගනිද්දිත් මම නිළියක්. ඒත් මම විවාහයෙන් පස්සේ හොඳ නිළියක් වෙනවාට වඩා හොඳ බිරිඳක් වෙන්නයි කැමති.

(සමන්මලී නැලිගම)


News Articles
Latest Videos
Most Popular Post