News Line| Off Air
Generic placeholder image

Jun
5

සෞදියේ කාන්තාවන්ට අලුත් වරමක්.

548 Views


සෞදියේ කාන්තාවන්ට අලුත් වරමක්.

සෞදිය කියන්නේ ටිකක නීති රීති වැඩි රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට විවිධ තමහන්ම් සෞදියේදී පනවලා තියෙනවා. හැබැයි මෑතකදී ඉඳන් සෞදිය කාන්තාවන් වෙනුවෙන් සුභවාදී ආකල්පයක් දරනවා. කාන්තාවන්ට පනවලා තිබ්බ තහංචි කිහිපයක්ම සෞදියේ ඔටුන්න හිමි කුමරා ඉවත් කරා.

කාන්තාවන්ට රිය පදවන්න තහනම් එකම රට විදියට තමයි සෞදි අරාබිය සැලකුණේ. හැබැයි ඒ තහනම ඉවත් කරන්න සෞදිය කටයුතු කරා. ඒ අනුව කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරා.

සෞදි ගමනා ගමන පාලක අධ්‍යක්ෂවරයා කිව්වේ පළවෙනි කාන්තා රියදුරු බලපත්‍රය විදේශ රියදුරු බලපත්‍රයක් තිබ්බ කාන්තාවකට දුන්නා කියලා. කොහොම වුනත් වාහන ධාවන හැකියාව, ඇස් පරික්ෂා කිරීම් ඇතුළු පරීක්ෂණ වලින් ප්[අස්සේ තමයි බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ.

ඊයේ දවසේ තවත් කාන්තාවන් 10 දෙනෙක්ට රියදුරු බලපත්‍ර නිකුත් කරාඅ. ඒ වගේම ඉදිරි සතියේදී තවත් බලපත්‍ර 2000 ක් නිකුත් කරනවා කියලා සෞදි ගමනා ගමන පාලක අධ්‍යක්ෂවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post