ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා මීට සුළු මොහොතකට කලින් අභාවප්‍රප්ත වුණා. ඒ, නිවසේදී හදිසියේ ඇතිවුන හෘදයභාධයක් නිසා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 56ක් වුණා. ඔහු රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරා.
ඒ වගේම මීට වසර කිහිපයකට කලින් එතුමා සියත TV නාලිකාවේ වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරා. නම්පහ, සිත් පහ යන වැඩසටහන් සියත නාළිකාවේ ඔහු විසින් නිෂ්පාදනය කල වැඩසටහන් අතරින් වඩාත් ජනප්‍රිය වුණා. ඒ වගේම “9 යි 5, මින්දද හීසර සහ සංචාර” එතුමා ජාතික රූපවාහිනියේදී කල ජනප්‍රිය වැඩසටහන්.
මිය යන විට එතුමා 55 වන වියේ පසු වුණා. අද දවල් 12 ට හේමනලීන් මහතාගේ නිවසේ කාමරයේ වැටිලා ඉන්නකොට තමයි සොයා ගෙන තියෙන්නේ. එතුමා සහකාර නිෂ්පාදකවරයෙක් විදියට ජාතික රූපවාහිනියෙන් මාධ්‍ය ජිවිතයට අත් පොත් තියනවා. එතුමා දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තියෙනවා.