News Line| Off Air
Generic placeholder image

Jun
5

ශ්‍රීලනිපයෙන් ආව මංගලට එජාපයේ ඉහළ තනතුරක්.

809 Views


ශ්‍රීලනිපයෙන් ආව මංගලට එජාපයේ ඉහළ තනතුරක්.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිකම ලබා දීලා තියෙනවා. අද දහවල් එජාපයේ පක්ෂ නායක රනිල් වික්‍රමසංහ මහතාගේ අත්සනින් යුතු ලිපිය අමාත්‍යවරයාට ලැබිලා තිබුණා.

මේ පත්වීම ලැබුනත් එක්කම මංගල මහතා Facebook එකේ සටහනක් තියලා තිබ්බා. “අවුරුදු 30 කට කලින් මට පලවෙනි පත්වීම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක විදියට. හැබැයි මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ දැවැන්ත පරණ පක්ෂයකින් මේ වගේ තනතුරක් ලැබෙයි කියලා.” එතුමා Facebook එකේ සටහනක් තියලා තිබ්බා.

මංගල සමරවීර මහතා කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල චරිතයක්. මහින්ද රාජය්පක්ෂ මහතා පක්ෂයේ සභාපතිත්වය දරණ කාලයේ ඔහු ශ්‍රීලනිපයෙන් ඉවත් වෙලා එජාපයට එකතු වුණා.


News Articles
Latest Videos
Most Popular Post