News Line| Off Air
Generic placeholder image

Jun
6

අද එක ලග්නයකට, යුගදිවියට අයහපත් බලපෑම් තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

956 Views


අද එක ලග්නයකට, යුගදිවියට අයහපත් බලපෑම් තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි  මස 06 වන බදාදා  
රාහු කාලය: දිවා කාලය උදෑසන12.09 සිට 1.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී12.09 සිට 1.35 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: නිරිත

මේෂ ලග්නය

දියරමය දේවල් වලින් ලාබ ලැබිය හැකි දවසක් . දියරමය දේවල් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ  පැහැය                                                    ජය අංකය: 09

වෘෂභ ලග්නය

පෞර්ශය වර්දනය වන දවසක් , ඕනෑම සභාහවක කෙලින් සිට කතා කිරීමට හැකිවන දවසක් ,රැකියා වලට බාදා කම් කටොලු තිබුනානම් ඒ භාදා ඉවත් වෙන දවසක් . ආගමාණුකුලව දවස ආරම්බ කරන්න දවසම සුබයි .පුළුවන් කමක් පවතිනවානම්  වැටකෙයියා පැලයකට වතුර ස්වල්පයක් වත් කරන්න .
ජය වර්ණය: ලා දම් පැහැය                                                 ජය අංකය: 07

 මිථුන ලග්නය

වාග් ශක්තිය යොදා කරන කටයුතු වලින් භාදකාරි තත්වයන් ඇතිවිය හැකි අතර කට කිසාම වියදම ඉහලයි , අනුන්ගේ වියදම් තමන් පියවීමටද සිදුවන දවසක් ලෙස අද දවස හැඳින්විය හැක. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැක . කොහොම උනත් පෙරපින උදාවන දෙමාපියන්ගේ උදවු ලැබෙන දවසක් .
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                     ජය අංකය: 02

කටක ලග්නය

මනසට දැඩි පීඩාකාරී තත්වයන් ඇතිවිය හැක කරන වැඩ කටයුතු අසාර්ථක විය හැක .එක වැඩක්වත් හරියට ආවසන් කරගැනීමට හැකියාවක් නැති වෙන දවසක් තීරණ ගැනීමේදී ඔබට වඩා උගත් බුද්දිමත් අයගෙන් උදවු උපකාර ලබාගන්න .
ජය වර්ණය: ලා කහා  පැහැය                                                           ජය අංකය: 06

සිංහ ලග්නය

හවුලේ කරන වැඩ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන අතර ඒවා පිළිබඳව ස්ථාවර තීන්දු තීරණ ගැනීමට හැකියවක් නොමැති දවසක්  . යාන වාහන රිය පැදවීමේදී වඩාත් කල්පනාකාරී වීම වඩා වැදගත් . අන් අයව විශ්වාස කිරීමට පොඩි පොඩි සැකයන් ඇතිවෙන අතර එම නිසාම තීන්දු තීරනගනීමට පෙර සාකච්චා කරන්න.
ජය වර්ණය: රන් වන්  පැහැය                                         ජය අංකය: 05

කන්‍යා ලග්නය

ව්‍යාපාර  වැඩ කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. තරගකාරී කටයුතු වලටද සුභ දිනයකි. බොහෝ පිරිසක් අතර ඔබ ගැන,. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ආගමානුකුලව, කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා නිල්                                       ජය අංකය: 06

 

තුලා ලග්නය

රාජකාරි කටයුතු වලින් කාර්ය බහුල විය හැකි අතර එම වැඩ කටයුතුවලට දවස පුරාම මහන්සිවීමට සිදුවේ , සහෝදර සහෝදරියන්ගෙන් යම් යම් බාදා ඇතිවිය හැක . එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                       ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

අගමානු කුලව දවස ආරම්බ කරන ඔබට අද දවස සාර්ථකව ගතකිරීමට හැක , දවසේ වැඩි වෙලාවක් විවිද ජාතින් විවිද ආගම් වල පුත්ගලයන් සමග ගනුදෙනු කිරීමට හැකි දවසක් , කොහොම උනත් දෙමා පියන්ගේ නිසි අවදානයක් නොමැති උනොත් දරුවන් නොමග යා හැකි දවසක් .
ජය වර්ණය: ලා දම්  පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

කොන්ද මුත්‍රාශය ආශ්‍රිත රෝගීතත්ව වැඩිවන දවසක් , අදික කර්යාබහුල තාවය නිසාම ඇස් ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවිය හැක , වෙලාවට ආහාර  ගැනීම වතුර බීම හා යහපත් පුරුදු ඇතිකරගත යුතු දිනයක්
ජය වර්ණය: ලා කහ  පැහැය                                                  ජය අංකය: 04

 

මකර ලග්නය

ප්‍රීම නීය කටයුතු වලට අද ඉතා හොඳ දවසක් එවැනි කටයුතු වලට ඔබ මහන්සි වෙන දවසක් නමුත් ඔබේ යුගජීවිතයනම් එතරම් සුබ නොවන බව පෙන්නුම් කරන දවසක් , ආයෝජන කටයුතුවලට අතගහන ඔබට එහි මුලික අදියරට පියවර තැබීමට හොඳ දවසක් .
ජය වර්ණය: විසිතුරු  පැහැය                                 ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ඔබට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රශ්න වලට ශක්තිමත්ව මුහුණ දිය හැකි දවසක් වන අතරම ඔබේ ශක්තිය විදහා දැක්විය හැකි දවසක් . කායික ශක්තිය වැඩිවන දවසක් ,ඒ වගේම ඔබ කැපී පෙනෙන චරිතයක් වන අතර ඔබේ මනස ඉතාමත්ව සන් සුන්ව තිබෙනවා . තීන්දු තීරණ ගනීමදී ඔබටවඩා උගත් බුද්දිමත් අයගේ උපදෙස් ලබාගන්න .                                ජය වර්ණය: ලා නිල්  පැහැය                                    ජය අංකය: 05

 

මීන ලග්නය

තරඟකාරී කටයුතු වලට ඉතා හොඳ දවසක් වන අතරම බොහෝ අයට ජයගත නොහැකි බොහෝ දේ ඔබ ජයගන්න ආකාරයක් පෙන්නුම් කරනව. අධ්‍යාපන කටයුතු වලට පුංචි පුංචි බාදා ඇතිවිය හැකි අතර දවස සුබ බැවින් අනිකුත් සියලුම කටයුතු ජයගැනීමට ඔබට හැකියාවක් ඇති වේ . විදේශ ගත වීමේ සිහින පවා සැබෑ කරගැනීමේ හැකියාවක් ඇති දවසක් අද
ජය වර්ණය: ලා දම්  පැහැය                                           ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post