News Line| Off Air
Generic placeholder image

Jun
6

වසර 3 කට පසු ටෙස්ට් පිටියේ සටන් වදින ශ්‍රී ලංකා, කොදෙව් පළමු තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

2862 Views


වසර 3 කට පසු ටෙස්ට් පිටියේ සටන් වදින ශ්‍රී ලංකා, කොදෙව් පළමු තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය හෙට Queen’s Park Oval ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා. 2015 න් පස්සේ තමයි ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟයකදී මුණගැහෙන්නේ. තරඟයට කලින් පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

මීට කලින් ලංකාව සහ කොදෙව් කණ්ඩායම තරඟාවලි 8 කදී සටන් වැදිලා තියෙනවා. තරඟාවලි 3 ක් ලංකාව ජය ගනිද්දී කොදෙව්වන් තරඟාවලි 2 ක ජය තජවුරු කර ගෙන තියෙනවා. තරඟ 3 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා.

ටෙස්ට් තරඟ 17 කදී ලංකාව සහ කොදෙව්වන් මුහුණ මුහුණ හමු වෙලා තියෙනවා. තරඟ 8 ක් ජයග්‍රහණය කරන්න ලංකාවට පුළුවන් වුණා. බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරඟ 3 ක් විතරක් විතරයි දිනන්න පුළුවන් වුණේ. තරඟ 6 ක් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

කොදෙව්වන්ට එරෙහිව ලංකාව ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගණන 627 ක්. කොදෙව්වන් ලංකාවට එරෙහිව ලබාගෙන තියෙන වැඩිම ලකුණු ගණන 580 ක්. දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් කොදෙව්වන්ට එරෙහිව වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර ඉන්නවා. රංගන හේරත් කොදෙව්වන්ට එරෙහිව වැඩි කඩුලු සංඛ්‍යාවක් දවාගෙන තියෙනවා.

හෙට තරඟය පැවැත්වෙන Queen’s Park Oval, Port of Spain ක්‍රීඩාංගනයේ 2008 දී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟයකදී හමු වෙලා තියෙනවා. ඒ තරඟය කඩුලු 6 කින් ජය ගන්න බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා. කොහොම වුනත් කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් දිහා බැලුවම ඉන්නා බව පෙන්නවා.

මේ තියෙන්නේ ඊයේ දවසේදී පුහුණුවීම් අතරතුර ගත්ත දර්ශණ

https://www.facebook.com/srilankacricket/videos/2603099756387882/


News Articles
Latest Videos
Most Popular Post