News Line| Off Air
Generic placeholder image

Jun
7

අද ඔබේ පවුලේ අය ගැන වැඩියෙන් සොයා බැලිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

882 Views


අද ඔබේ පවුලේ අය ගැන වැඩියෙන් සොයා බැලිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 07 වන බ්‍රහස්පතින්දා  
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.35 සිට 03.02 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර 

මේෂ ලග්නය

රැකියා කටයුතු වලදී වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. ගනුදෙනු වලදී කල්පනාකාරී වන්න. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ව්‍යාපාර කටයුතු වලදීද වඩාත් ;සැළකිලිමත් වන්න. මනා සැලසුමකින් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. මනා ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 03

වෘෂභ ලග්නය

කලා කටයුතු වලට වඩාත් දස්කම් පෙන්වන දිනයකි. තියුණු නුවනින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අන් අය අතර සමාදානයෙන් මෙන්ම කල්පනාකාරීව වැඩ කළහැකි දිනයකි. ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු වලටද දිනයකි. නමුත් කෝපයෙන් තොරව වැඩ කටයුතු කිරීමට වග බලාගත යුතුයි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 02

 මිථුන ලග්නය

ඔබේ ලේඛන ශක්තිය මෙන්ම නිර්මාණ ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. සුභ මංගල යෝග පවතින දිනයකි. චින්තන ශක්තිය ඉතාම ඉහල දිනයකි. ඔබේ ප්‍රකාශන ශක්තිය ඉතාම ඉහල දිනයකි. යමක් ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. යහපත්ව මෙන්ම අන් අයට ආදර්ශමත්ව ගත කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 01

කටක ලග්නය

ඉවසීමෙන් යුතුව මනාව කටයුතු කළහැකි දිනයකි. දුර දිග බලා වැඩ කටයුතු කරන දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. මහන්සියෙන් කටයුතු කරන දිනයකි. අන් අය අතර ගෞරවය හිමිවන දිනයකි. තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. නිතරම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 09

සිංහ ලග්නය

ගංගා ඇලදොළ ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. තීරණ ගැනීමේදී වදටැහැ සාර්ථක වන දිනයකි. අභිමානවත්ව දිනය ගත කිරීමට ප්‍රිය කරයි. සත්‍යට වඩාත් ගරු කරන දිනයකි. නව රැකියා මාර්ග ඇතිවන දිනයකි. නායකත්ව ගුණාංග වඩාත් ඉහල දිනයකි. එමෙන්ම ඔබේ ආදායම් තත්වයද වෙනදට වඩා වැඩිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 07

කන්‍යා ලග්නය

ක්‍රියාශීලීව කටයුතු කරන දිනයකි. නව  නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. නිරවුල්ව කටයුතු කරන්නට සිතට ගන්න. අන් අය අතරද ජංඅප්රොඉය වන දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. නිතරම අන් අය සමඟ ක්‍රියාශීලීව දිනය ගත කරයි. දිනය විනෝදයෙන් දිනය ගත කළ හැකිය.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 04

 

තුලා ලග්නය

අසුභ තත්වයන් දුරුව යන දිනයකි. කලට වෙලාවට නිසි ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි. අන් අය විනිවිද දකින දිනයකි. ඒ නිසාම වඩාත් සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආදායම් තත්වය සුභ දිනයක් වන අතර ලැබීම් අතින්ද ඔබට වැඩි වාසි අත්වන දිනයකි. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. නිසි පාලනයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                          ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

ඔබේ පවුලේ ය ගැන වැඩියෙන් සොයා බැලිය යුතු දිනයකි. අන් අය අතර ප්‍රමුඛයා වීමේ වාසනාව ඇති දිනයකි. අන් අයව අභිබවා කටයුතු කළහැකි දිනයක් වන අතර කතාවෙන් පමණක්ම අන් අය අතර වැඩි ආකර්ෂණයක් දිනාගත හැකි දිනයකි. වඩාත් ශක්තිමත්ව කටයුතු කළහැකි දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. නිසි තේරුම් ගැනීම ඇතිවන දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. නිර්භීතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                         ජය අංකය: 05

ධනු ලග්නය

මනා ජීවිතයකට අවශ්‍ය වැඩ කිරීමේ ශක්තිය ඔබට පවතින දිනයකි. විනය වඩාත් ඉහලින් සළකන දිනයකි. මානසික ශක්තිය ඉතාම ඉහල දිනයක් වන අතර දාන මාන කටයුතු වලටද යොමුවන දිනයකි. යහපත් සිතුවිලි වර්ධනය වන දිනයකි.  අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. මනා ජීවිතයක් සඳහා නව සැලසුම් සකස් කිරීමට සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                 ජය අංකය: 04

 

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් සීමා කළයුතු දිනයකි. සිත පාලනය කරගත යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නිතරම විමසිලිමත් විය යුතු දිනයකි. එමගින් ඔබට අවශ්‍ය බුද්ධිය ලබා දෙයි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                       ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

අප්‍රමාදව කටයුතු කළහැකි දිනයක් වන අතර මනා දැක්මක් සහිතව කටයුතු කළහැකි දිනයකි. අලුතින් දේවල් ඉගෙනගත හැකි දිනයකි. දෙයක් ඉක්මනින් අවබෝධ කරගැනීමේ හැකියාව පවතින දිනයකි. කාන්තා ඔබට වැඩියෙන් විලාසිතා හා ආභරණ කටයුතු වලට අවස්ථාව ලැබෙන දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි.
ජය වර්ණය: දම්  පැහැය                                        ජය අංකය: 02

 

මීන ලග්නය

විතක්ෂනශීලිව කටයුතු කළහැකි දිනයකි. අලුතින් යමක් ගැනීමට සුභ දිනයකි. මනා තේරුම් ගැනීමක් සහිත දිනයකි. නමුත් තරමක සෙල්ලක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. එබැවින් කල්පනාවෙන් වැඩ කරන්න.  සියලුම රෝග පීඩා සඳහා නිසි ප්‍රතිකාර ලබාගන්නට යොමුවන්න. සුවපහසුව ගතකළ හැකි දිනයකි. ඔබේ වෘත්තීය හැකියා මගින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post