News Line| Off Air
Generic placeholder image

Jun
6

ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න ICC ය එංගලන්තයට අවසර දෙයි.

615 Views


ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න ICC ය එංගලන්තයට අවසර දෙයි.

ටෙස්ට් ක්‍රිකට් හඳුන්වන්නේ ක්‍රිකට් වල ජීවය කියලා. දැන් පන්දුවාර 20, 10 තරඟ පැවැත් වුවාට මුලින්ම ක්‍රිකට් ආරම්භ වුණේ ටෙස්ට් තරඟ විදියට. ටෙස්ට් තරඟයක් සාමාන්‍යයෙන් දවස් 5 ක් ක්‍රීඩා කරනවා. දවසකට පන්දුවාර 90 ක් යවනවා.

හැබැයි අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න හදනවා. ඒ ටෙස්ට් තරඟයක් දවස් 4 කට අඩු කරලා. ටෙස්ට් ක්‍රිකට් වලට නැවුම් බවක් එකතු කරන්න තමයි මේ වැඩේ කරන්නේ කියලා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සඳහන් කරනවා.

දින 4 ටෙස්ට් තරඟ අත්හදා බලන්න ICC යත් පහුගිය දා අවසර දුන්නා. එංගලන්තයේ නායක මයිකල් වොන් දවස් 4 ටෙස්ට් තරඟ ගැන කිව්වේ මේ වගේ දෙයක්. “මම දින 5 ක්‍රීඩාවට කැමතියි. හැබැයි ක්‍රීඩාවට නැවුම් මුහුණුවරක් දෙන්න එවැනි උත්සහයක් ගත්තට කමක් නෑ. දින 4 ටෙස්ට් තරඟයකදී දවසකට පන්දුවාර 98 ක් යැව්වා නම් හොදි”


News Articles
Latest Videos
Most Popular Post