ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟය පළවෙනි අද පටන් ගන්නවා. ලංකාවේ වෙලාවෙන් අද රාත්‍රී 7.30 ට තරඟය ආරම්භ වෙනවා. අවුරුදු 10 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියක් සඳහා කොදෙව් දේශයේ සංචාරයක නිරත වෙන්නේ.
තරඟයට පැය කිහිපයක් තියෙද්දී වත්මන් ක්‍රීඩා ඇමතිතුමා චන්දික හතුරුසිංහට දුරකථන ඇමතුමක් දීලා තිබ්බා. “තරඟ පාවාදීම් ගැන ඇති වෙලා තියෙන ප්‍රශ්නය පරිපාලනය බලා ගනී. ඔයාලා ඒ ගැන බය වෙන්න එපා. ක්‍රීඩකයින් ඒ ගැන අවධානය යොමු කරන්න ඕන නෑ. කණ්ඩායම සාමාන්‍ය විදියට තරඟයට සූදානම් කරන්න. තරඟාවලිය ජයග්‍රහණය කරන්න මම සුභ පතනවා” කියා ෆයිසර් මුස්තාපා මහතා හතුරුසිංහට කියලා තියෙනවා.
ඒ වගේම පියාගේ ඝාතනයෙන් පස්සේ තනියම කොදෙව් දේශයට ආව ධනංජය සිල්වා ගැනත් අමාත්‍යවරයා හතුරුට කියලා තිබ්බා. “තාත්තා නැති වුනාට පස්සේ ධනංජය තනියම ආවේ. එයා ගැන පොඩ්ඩක් බලන්න” කියල අමාත්‍යවරයා හතුරුසිංහට කියලා තිබ්බේ එහෙමයි.