News Line| Off Air
Generic placeholder image

Jun
7

නවක වදය ගැන පැමිණිලි කරන්න Mobile App එකක්.

864 Views


නවක වදය ගැන පැමිණිලි කරන්න Mobile App එකක්.

කැම්පස් යන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නවක වදය. සමහර වෙලාවට බොහොම අමානුෂික විදියට මේ නවක වදය දෙනවා. නවක වදයට ලක් වෙන්න බැරි නිසාම සමහරු කැම්පස් ගමනත් නතර කරනවා.

මෙම තත්ත්වය විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ පාලනය කිරීමට නොහැකි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තාක්ෂනය යොදාගෙන නවක වදය නතර කරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙලා තියෙනවා.

නවක වදය ගැන පැමිණිලි කරන්න Mobile App එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ Mobile App එකෙන් විශ්ව විද්‍යාල සිසුන්ට නවක වදය නිසා වෙන හිරිහැර ගැන පැමිණිලි කරන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post