ලෝකයේ කඳු මුදුන තමයි එවරස්ට් කියන්නේ. වෙද්දී ලාංකිකයන් දෙදෙනෙක් සාර්ථකව එවරස්ට් තරණය කරන්න සමත් වුණා. එවරස්ට් තරණය කළ පළවෙනි ශ්‍රී ලාංකික පිරිමියා යොහාන් පීරිස්. පහුගිය දා එවරස්ට් තරණය කළ ඔහු ඊයේ ලංකාවේ මාධ්‍ය හමුවට ආවා.
මේ හමුවේදී යොහාන් ඔහුගේ අත්දැකීම් මාධ්‍යවේදී එක්ක බෙදා ගත්තා. ශ්‍රී ලංකාවේ ධජය එවරස්ට් කඳු මුදුන මත ළෙල දෙන කොට මට නිහතමානී ආඩම්බරයක් ඇති වුණා. ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.” කියලයි යොහාන් කිව්වේ.
එවරස්ට් අභියෝගය ගැන සියත 24 යොහාන්ගෙන් ඇහුවම ඔහු කිව්වේ “ලාංකිකයෝ විදයට අපිට හිතුවොත් හඳට වුනත් යන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි වතාවටත් උත්සහා කරන්න” කියලා.