News Line| Off Air
Generic placeholder image

Jun
7

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා ලං වෙද්දී ඇමෙරිකාවෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

565 Views


ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා ලං වෙද්දී ඇමෙරිකාවෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

මුළු ලෝකයම බලාගෙන ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවට තවත් දවස් 5 ක් විතරයි තියෙන්නේ. කලින් වතාවෙත් මේ සමුළුව අවලංගු වෙන්න ගිහින් යන්තම් ෂේප් වුණා. මොකද රටවල් දෙකම කුකුල් කේන්තිකාරයෝ නේ.

ඔන්න ආයෙත් සාකච්ඡා බිඳ වැටෙන විදියේ ප්‍රකාශයක් ඇමෙරිකාව කරලා තියෙනවා. ඩොනල් ට්‍රම්ප්ගේ නිතිඥවරයා වන රූඩි ජූලියානි ප්‍රකාශය කරලා තියෙන්නේ. ඔහු කියලා තියෙන්නේ බිඳ වැටුන ඇමෙරිකානු සාකච්ඡා ආයෙත් ලබා ගන්න උතුරු කොරියානු නායකයා දැඩි ලෙස ආයාචනය කරා කියලා.

ඩොනල් ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරයත් එක්ක දැන් උතුරු කොරියාවත් ඇමෙරිකාවට නතු වෙලා කියලා ඩොනල් ට්‍රම්ප්ගේ නිතිඥවරයා ප්‍රකාශ කරා. මේ කතාවට තාම උතුරු කොරියාව ප්‍රතිචාරයක් දක්වලා නෑ. ඒ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද කියලා ලෝකයම බලාගෙන ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post