News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

“කරන දෙයක් ජූලි 01 වෙනිදට කලින් කියන්න.” – ICC යෙන් ලංකාවට රතු එළියක්.

1237 Views


“කරන දෙයක් ජූලි 01 වෙනිදට කලින් කියන්න.” – ICC යෙන් ලංකාවට රතු එළියක්.

ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ඊයේ ඩුබායි ගියා. ඒ ඩුබායි වල පිහිටි ICC මූලස්ථානයේ තිබ්බ සාකච්ඡාවකට සහභාගී වෙන්න. ICC බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර තමයි මේ සාකච්ඡාව තිබ්බේ.

ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහභාගී වුණා. ලංකාවේ ක්‍රිකට් නිලවරණය ගැන මෙහිදී සාකච්ඡා කරලා තිබ්බා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන්න අතුරු පාලක මණ්ඩලයක් පත් කරනවට ICC ය විරෝධය දක්වලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්න කියලා ICC ය ඉල්ලලා තියෙනවා. ඒ ගන්නා ක්‍රියා මාර්ග ජූලි 01 වෙනදාට කලින් දන්වන්න කියලා ICC ය ලංකාවේ බලධාරීන්ට දීලා.


News Articles
Latest Videos
Most Popular Post