දකුණේ ළමයි බිලි ගන්න වෛරසය තාමත් අවසන් වෙලා නෑ. මේ වෙද්දීත් ජිවිත රසක්මේ වෛරසයට බිලි වෙලා තියෙන්නේ. හැබැයි ඒ ගැන තවත් නරක ආරංචියක් වාර්තා වෙනවා.
ඒ මේ වෛරසය තවත් පළාතකට පැතිරීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. සබරමුව පළාතට තමයි වෛරසය ඊළඟට මාන බලමින් ඉන්නේ. මේ වෛරසය වැළඳුන රෝගීන් සබරගමුවෙන් වාර්තා වෙලා තියෙනවා.
මේ නිසා අවදානමට මුහුණ දෙන්න සබරගමුවේ සියලුම රෝහල් සීරුවෙන් තියන්න පියවර අරන් තියෙනවා. කොහොම වුනත් දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුන රෝගීන් වාර්තා වීම අඩු වෙලා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරා.