News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

කොළඹ – මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියේදී ගැබිණි මවක් දරුවෙක් බිහිකරයි.

814 Views


කොළඹ – මඩකලපුව සීඝ්‍රගාමී දුම්රියේදී ගැබිණි මවක් දරුවෙක් බිහිකරයි.

දරුවෙක් කියන්නේ පවුලකට සම්පතක්. සාමාන්යෙන් දරු උපත් වෙන්නේ රෝහලේදී නේ. හැබැයි සීඝ්‍රගාමී දුම්රියකදී ගැබිණි මවක් දරුවෙක් බිහිකල පුවතක් අපිට වාර්තා වුණා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ කොළඹ ඉඳන් මඩකලපුව බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රියේ. ඒ දුම්රියේ ගමන් කල ගැබිණි මවක් දරුවා ප්‍රසූත කරන්න ආසන්න වෙලා තියෙනවා. දුම්රිය බලධාරීන් මේ ගැන හබරණ පොලීසියට දැනුම් දීලා.

ඒ අනුව හබරණ පොලීසිය හබරණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් සහ කාර්යමණ්ඩලයක් එක්ක හබරණ දුම්රිය ස්ථානයට ගිහින්. හැබැයි ඔවුන් දුම්රිය ස්ථානයට යද්දිත් ගැබිණි මව දුම්රිය තුල දරුවා බිහිකරමින් ඉඳලා තියෙනවා.

කොහොම වුනත් දරුවා සහ මව හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post