News Line| Off Air
Generic placeholder image

Jun
7

පකිස්ථාන තරුණියන් හමුවේ ලංකාව අසරණ වෙයි.

686 Views


පකිස්ථාන තරුණියන් හමුවේ ලංකාව අසරණ වෙයි.

කාන්තා ආසියානු කුසලාන තරඟයේ ලංකාව සහභාගී වුන තවත් තරඟයක් ඊයේ තිබ්බා. ඒ පාකිස්ථානය එක්ක. ඒ තරඟයේදී ලංකාව පරාජය කරලා ලකුණු 23 ක ජයක් ලබා ගන්න පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න පාකිස්ථානය ලකුණු 136 ක් ලබා ගත්තා. ඔවුන්ගේ කඩුලු 4 ක් බිඳ වැටුණා. නාහීඩා ඛාන් ලකුණු 38 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක මිස්මා නොදැවී ලකුණු 60 යි. සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ලංකාවේ ක්‍රීඩිකාවන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 113 ක් විතරයි. ලංකාවේ කඩුලු 9 ක් බිඳ වැටුණා. යශෝදා මෙන්ඩිස් ලකුණු 25 යි. හංසිකා ලකුණු 24 ක් ලබා ගත්තා. නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 13 යි. සුපිරි පන්දු යැවීමක නිරත වුන නිදා දාර් කඩුලු 5 ක් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post