News Line| Off Air
Generic placeholder image

Jun
9

කොදෙව් වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකාව අසරණ කරයි. – Photo

1188 Views


කොදෙව් වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකාව අසරණ කරයි. – Photo

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනය ඊයේ අවසන් වුණා. දිනය අවසන් වුණේ සියලුම ගෞරව කොදෙව් පංදුඉ යවන්නන් දිනා ගෙන. ලංකාව පළවෙනි ඉනිම සුනු විසුනු කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 185 ක් විතරයි. නායක චන්දිමාල් ලකුණු 44 ක් ලබා ගත්තා. දික්වැල්ල ලකුණු 31 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 20 යි.

කමින්ස් කඩුලු 3 ක් බිඳ හෙලුවා. ගබ්‍රියෙල් සහ රූච් කඩුලු 2 බැගින් දවා ගත්තා.

කොදෙව් ක්‍රීඩකයින් දෙවෙනි ඉනිම ආරම්භ කරේ ලකුණු 229 ක් ඉදිරියෙන් ඉඳගෙන. 3 වෙනි දවස අවසන් වෙද්දී කොදෙව්වන් දෙවෙනි ඉනිමට තවත් ලකුණු 131 එකතු කර ගත්තා. ඒ කඩුලු 4 ක් දැවී. ඩෙවොන් ස්මිත් ලකුණු 20 යි. නොදැවී ක්‍රීඩා කරන පොවෙල් ලකුණු 64 ක් ලබා ගෙන ඉන්නවා. ඒ 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමඟ.


News Articles
Latest Videos
Most Popular Post