News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී?

4154 Views


උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී?

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවට තවත් දවස් කිහිපයයි තියෙන්නේ. ලබන 12 වෙනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ මේ සමුළුව පැවැත් වෙනවා. ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලනමේ සමුළුවට සිංගප්පූරුව ලහි ලහියේ සූදානම් වෙනවා.

මේ අතර සිංගප්පූරුවේ ගුවන් තොටුපලේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අත්අඩංගුවට අරගෙන කියලා පුවතක් අන්තරජාලය පුරා පැතිරෙන්න පටන් අරන්. හැබැයි ඇත්තටම අත්අඩංගුවට අරගෙන තියෙන්නේ උතුරු කොරියානු නායකයා නෙවෙයි. ඔහුට අතිශය සමාන රූපයක් තියෙන “කිම් ජොන් උම් හෙවත් Howard X” කියන ලොව ප්‍රකට අභිරුපණ ශිල්පියා.

සිංගප්පුරු අවන්හල් හා හෝටල් කිහිපයක වෙළද දැන්වීම් හා ප්‍රචාරණ වැඩසටහන් කිහිපයක් සඳහා තමයි ඔහු සිංගප්පූරුවට ඇවිත් තියෙන්නේ. හැබැයි චැන්ගී ගුවන් තොටුපලේ දී පොලිසිය විසින් පුරා පැය 2ක් රඳවා ගෙන ප්‍රශ්න කරලා තියෙනවා.

සිංගප්පුරුවේ රැදී සිටින කාල සීමාවේදී සමුළුව පැවැත්වෙන සෙන්තෝසා දුපත හා හෝටලයට යන්න එපා කියලා පොලිසිය කිම් ජොන් උම්ට අවවාද කරලා තියෙනවා. ඇමෙරිකා සහ උතුරු කොරියා සාම සමුළුව වෙනුවෙන් සිංගප්පුරුවේ හෝටල් සහ අවන්හල් විවිධ කෑම වර්ග පවා හදුන්වා දීලා තියෙනවා.

හෝටල් හිමියන් තමන්ගේ හෝටල් සහ කෑම වර්ග ප්‍රචාරය කරන්න ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ හැඩරුවට සමාන අහිරුපණ ශිල්පියෙක් වන ඩෙනිස් ඇලන්වත් සිංගප්පූරුවට ගෙන්වලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post