News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

“බෝතලේ වොඩ්කා වුණාට තිබ්බේ ඇල් වතුර” – පුතා කරපු රිය අනතුර ගැන පාලිත රංගේ බණ්ඩාර කියන කතාව.

812 Views


“බෝතලේ වොඩ්කා වුණාට තිබ්බේ ඇල් වතුර” – පුතා කරපු රිය අනතුර ගැන පාලිත රංගේ බණ්ඩාර කියන කතාව.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා වන යශෝධ රංගේ බණ්ඩාර අතින් පහුගිය දවසක රිය අනතුරක් වුණා. යශෝධ පැදවූ රථය නිවසක් ඇතුලටම කඩා ගෙන ගිහින් තිබ්බා. යශෝධ පදවලා තිබ්බේ අමාත්‍යංශයට අයිති වාහනයක්.

වාහනයේ තිබිලා විදේශීය මත්පැන් බෝතලයක්, කඩුවක් සහ මුගුරක් සොයා ගත්තා කියලා පොලීසිය ප්‍රකාශ කළා. මේ සිදුවීම ගැන පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අදහ දැක්වුවා.

ඔහු නම් කිව්වේ වාහනේ වොඩ්කා බෝතලයක් තිබ්බට ඇතුලේ තිබ්බේ ඇල් වතුර කියලා. බොන්න ගෙනියන වතුර බෝතලේ කියලයි එතුමා කිව්වේ. යශෝධ රංගේ බණ්ඩාර අතින් මීට කලිනුත් රිය අනතුරු කිහිපයක්ම වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post