News Line| Off Air
Generic placeholder image

Jun
11

අද ලග්න 03 කට වෙළඳාම් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

998 Views


අද ලග්න 03 කට වෙළඳාම් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මයි මස 11 වන සඳුදා

රාහු කාලය: දිවා කාලය උදෑසන 07.28 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.18 දක්වා

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

මේෂ ලග්නය

ව්‍යාපාර කටයුතු පිළිබදව අලුත් අදහස් පහල වෙන්න පුළුවන්.ගෙවල් දොරවල් යාන වාහන ආදිය සම්බන්ද කටයුතු දියුණු කරනවා.අලුත් යන වාහන මිලදී හඳුනා තියෙන යාන වාහන අලුත්වැඩියා කරන්න යහපත් දවසක්.තාක්ෂණික  මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා.සමාජ ගෞරවය හිමිවන දවසක්.

ජය වර්ණය: විසිතුරු පැහැය                                                    ජය අංකය: 06

වෘෂභ ලග්නය

දවසේ වැඩ කටයුතු ආරම්භ කරද්දී චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්.ජලය ආශ්‍රිත කටයුතු වලදී ප්‍රවේසම් වන්න.වෙහෙස මහන්සිය ඇති කරවන දුර බැහැර ගමන් යෙදෙන දවසක්.තමන්ගේ යාන වාහන හෝ වාසස්ථානය පිළිබද ගැටළු කාරී තත්වයන් මතුවෙන්න පුළුවන්.ඉහළ නිළදාරීන් සමග ගැටළු ඇති කරගන්න එපා,එය ඔබට අවාසිදායක විය හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 06

මිථුන ලග්නය

කලාකාමී කටයුතු පිලිබදව උනන්දුවෙන දැණුම දියුණු කරගත හැකි දවසක්.කතාව නිසා බොහෝ දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්.අලෙවි ක්ශේත්‍රයේ නියුතු අයට වැඩි වාසි අත්වන දවසක්.අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකි දවසක්.

ජය වර්ණය: විසිතුරු  පැහැය                                                    ජය අංකය: 06

කටක ලග්නය

පුළුල් මානසිකත්වයකින් යුතුව කටයුතු කල හැකි දවසක්. රැකියාව කරන ස්ථානයේ තිබු බාධා බොහොමයක් ඉවත්ව යනවා.දුර බැහැර නෑදෑයන් ඔබව බලන්නට  පැමිණේවි.ලිපි ලේඛන ආදියට අත්සන් තැබීමේදී සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                                                           ජය අංකය: 07

සිංහ ලග්නය

මවගේ පාර්ශවයෙන් උදව් උපකාර හිමිවන දවසක්.ආගමානුකූල සිතුවිලි පහලවී ඒ හරහා කායික මානසික සුවතාවය වර්ධනය වන දවසක්.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්.වෙල හෙළදාම් කටයුතු සදහාත් සුදුසු දවසක්.නෑදෑ සබදතා වර්ධනය වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                                         ජය අංකය: 07

කන්‍යා ලග්නය

රැකී රක්ෂා වෙ හෙළදාම් කටයුතු වල දියුණුවක් ඇතිවන දවසක්.උසස් වීම් ආදිය ලැබීමට වාසනාව තිබෙන දවසක්.ඉහල නිලදාරීන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා.ඉවසිලිවන්තව කටයුතු කල යුතු දවසක්.

ජය වර්ණය: ලා කොළ  පැහැය                                       ජය අංකය: 06

 

තුලා ලග්නය

වෙලහෙළදාම් කටයුතු වල විශාල ප්‍රගතියක් දකින්න පුළුවන් දවසක්.කරන ආයෝජන කටයුතු පිලිබදව සැලකිලිමත්වෙන්න. අනවශ්‍ය විදියට මුදල් වියදම් වෙන්න පුළුවන දවසක්.

ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

ආගම දහම පිලිබදව මත ගැටුම් ඇතිවෙන්න පුළුවන් දවසක්.ප්‍රේම සබදතා වලට යෝග්‍ය දවසක් නමුත් පවුලේ උදවියගේ විරෝධතාවය ඒවාට එල්ලවෙන්න පුළුවන්.කළා කටයුතු දියුණු වන තාක්ෂණික මෙවලම්  ආශ්‍රිත කටයුතුවල  දියුණුවක් දක්නට ලැබෙන දවසක්.

ජය වර්ණය: විසිතුරු  පැහැය                                             ජය අංකය: 09

ධනු ලග්නය

කායික ශක්තිය මානසික ශක්තිය පිලිබදව වැඩි වශයෙන් අවදානය යොමුකළ යුතු දවසක්.තුනටිය,මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්වයන් උත්සන්න වෙන්න පුළුවන්ද.වසේ සුභ කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් සුරිය පිරිත වරක් හෝ කියවීම යහපත්.

ජය වර්ණය: ලා දම්  පැහැය                                                  ජය අංකය: 07

 

මකර ලග්නය

ප්‍රේම සබදතා දියුණු වෙන දවසක්.හවුල් ව්‍යාපාර වලින් වාසි අත්වන දවසක්.කළාකාමී අදහස් ඇතිවන දවසක්.ගුප්ත විද්‍යාව පිලිබදව උනන්දුවෙන් කටයුතු කරන දවසක්.සිතට සතුට ගෙන එන ගමන් බිමන් සදහා ඇරයුම් ලැබෙන දවසක්.තමන් සතු භාණ්ඩ පරිස්සම් කරගන්න.මිතුරන් සමග මතගැටුම් ඇතිවෙන්න පුළුවන්.

ජය වර්ණය: ලා නිල් පැහැය                                 ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

කාන්තා පර්ශවයන් සමග කරන කටයුතු පිලිබදව සැලකිලිමත් වෙන්න.සතුරු කරදර ඇතිවුවත් ඒවා යටපත් වී යන දවසක් .කලාකාමී කටයුතු පිලිබදව උනන්දුවෙන් කටයුතු කරන දවසක්. යාන වාහන වාසස්ථාන පිලිබදව ගැටළුකාරී තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 09

 

මීන ලග්නය

පුළුල් මානසිකත්වයකින් යුතුව කටයුතු කල හැකි දවසක්.  අනවශ්‍ය විදියට මුදල් වියදම් වෙන්න පුළුවන දවසක්.
ජය වර්ණය: ලා දම්  පැහැය                                           ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post