News Line| Off Air
Generic placeholder image

Jun
11

විකාශන කුළුන සීල් තිබ්බ TNL රූපවාහිනියේ අධ්‍යක්ෂිකා ඉෂිනිට මංගලගෙන් ලොකු තනතුරක්.

1229 Views


විකාශන කුළුන සීල් තිබ්බ TNL රූපවාහිනියේ අධ්‍යක්ෂිකා ඉෂිනිට මංගලගෙන් ලොකු තනතුරක්.

පහුගිය දවසක TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තිබ්බා. ඒ ඔවුන් බලපත්‍රයක් නැතුව විකාශන කුළුණ පවත්වාගෙන ගියා කියලා. හැබැයි TNL මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මියට මංගල සමරවීර මහතා ලොකු තනතුරක් දීලා තියෙනවා.

ඒ මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් විදියට. ජූලි 01 වෙනිදා ඉඳලා තමයි ඉෂිනි මහත්මිය මේ තනතුරේ වැඩ බාර ගන්නේ. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරකු වන ට්න්ල් ආයතනයේ නිර්මාතෘ ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය.

“අපි මාධ්‍ය සමඟ කොතරම් සුහදව කටයුතු කරනවාද කියනවා නම් ජූලි 01 වැනිදා සිට ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අපේ අමාත්‍යංශයේ ලේකම් තනතුරකට ගන්නවා.” කියලයි මංගල සමරවීර අමාත්‍යවරයා මේ පත්කිරීම කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post