News Line| Off Air
Generic placeholder image

Jun
12

“රටේ ලොකුම තැනින් කතා කරොත් මම එනවා. ආවොතින් ස්ථිර විසඳුමක් දෙන්න තමයි එන්නේ” – ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම ගැන රොෂාන් මහානාම කියයි.

2240 Views


“රටේ ලොකුම තැනින් කතා කරොත් මම එනවා. ආවොතින් ස්ථිර විසඳුමක් දෙන්න තමයි එන්නේ” – ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීම ගැන රොෂාන් මහානාම කියයි.

රොෂාන් මහානාම කියන්නේ ලංකාවෙන් බිහිවුන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 96 කුසලානය දිනපු කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් ඔහු කටයුතු කරා. ඒ වගේම පහුගිය කාලයේ ICC තරඟ තීරකවරයෙක් විදියටත් කටයුතු කරා.

රොෂාන් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙනවා කියලා පහුගිය දවස් කිහිපයේ වටපිටින් අහන්න ලැබුණා. රොෂාන් ඒ ගැන මාධ්‍යට කිව්වා. එතුමා කිව්වේ කොච්චර මත තිබ්බත් තමන් ක්‍රිකට් පරිපාලනයට එනවා කියලා ඒවා විශ්වාස කරන්න එපා කියලා.

“මම කිසිම දෙකට ඉදිරිපත් වෙන්නේ නෑ. මට වැඩ කරන්න අවංක වාතාවරණයක් නැතුව. හැබැයි මට ආරාධනාවක් ලැබුනොත් රටේ ඉහළම තැනින් ඒ වෙලාවේ මම කල්පනා කරලා බලලා යමක් කරනවා. මොකද මට ඒ වෙනුවෙන් යුතුකමක් තියෙනවා.” කියලයි රොෂාන් මහානාම කිව්වේ.

“අවුරුදු ගණනක් මගේ ක්‍රිකට් අත්දැකීම් උපයෝගී කර ගෙන තීරණ ගන්න පුළුවන්. මම ඉදිරියට එන්නේ දැන් වාතාවරණය වෙනස් වුනොත් විතරයි. එනවා නම් ස්ථිර විසඳුමක් දෙන්න තමයි එන්නෙ.” කියලයි ඔහු වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post