News Line| Off Air
Generic placeholder image

Jun
13

“ඇයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා නම් ඒ Comment ටික කියවලාවත් මීට පස්සේ තුට්ටු දෙකේ වැඩ කරන එක නවතයි.” – පියුමි හංසමාලිගේ 3rd Class වැඩවලට විශ්වගෙන් ටොක්කක්…

4286 Views


“ඇයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා නම් ඒ Comment ටික කියවලාවත් මීට පස්සේ තුට්ටු දෙකේ වැඩ කරන එක නවතයි.” – පියුමි හංසමාලිගේ 3rd Class වැඩවලට විශ්වගෙන් ටොක්කක්…

පහුගිය දවස්වල මුළු රටේම වගේම සමාජ ජාල වල කතා බහකට ලක් වුන මාතෘකාවක් වුනේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ Royal Birthday Party එක. මේ නිසා ජනප්‍රිය නිවේදක විශ්වා ලංකා සහ නිරූපීකාවක් අතර සමාජ ජාල වල ගැටුමක් ඇති වුනා. මොකක්ද මේ ගැටුම එක්ට හේතුව කියලා විශ්ව සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ විදිහට…

විශ්ව මොකක්ද මේ නිළියන් එක්ක ෆේස්බුක් හරහා ගැටුමක් ඇතිකර ගත්තා කියන ආරංචියේ ඇත්ත නැත්ත?
ජනප්‍රිය වෙන්න, කතාබහට ලක්වෙන්න ඕන අය ෆේස්බුක් හරහා ඔය වගේ දේවල් කරනවා. ඒත් මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. වැදගත් විදියට දක්ෂතාවය තුළින් ගොඩනගාගත් ජනප්‍රියත්වයක් මට තියෙනවා. අහක යන දෙයක් ඔළුව උඩට අරගෙන මේවගේ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ FB හරහා ජනප්‍රිය වෙන්න දඟලන කෙනෙක්. අවාසනාවකට මගේ නමත් ඊට එකතු වෙලා.

එවැනි ගැටුමක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
පහුගියදා පැවැත්වුණු චන්දිමාල්ගේ උපන්දින උත්සවය ගැන විවිධ අය විවිධ මත පළකරලා තිබුණා. ඔය අතරේ කාගේදෝ Post එකක් මගේ FB එකට ඇවිත් තිබුණා. මම ඒක Share කළා. ඒකයි මේ ප්‍රශ්නයේ මුල.

ඒ කියන්නේ ඔබත් චන්දිමාල්ගේ උපන්දින සාදය විවේචනය කරන කෙනෙක්ද?
කිසිසේත්ම නැහැ. ඒ වගේම එය විවේචනය කරන එක අනුමත කරන්නෙත් නැහැ. මොකද ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ සල්ලිවලින් සාද පවත්වන්න. ඒක අනිත් අයට අදාළ නැහැ. චන්දිමාල් එයාගේ සල්ලිවලින් සාදයක් පැවැත්වූවා. ඒක අපිට අදාළ නැහැ. මම එය විවේචනය කරන්නේ නැහැ. හැබැයි ඒ සාදයට ගිය අයගේ හැසිරීම් නම් මම අනුමත කරන්නේ නැහැ.

මුහුණු ‍පොතේ ඔබ Share කරපු Post එකෙන් කියවෙන්නේ ඒ වගේ අදහසක් නේද?
ඒ Post එක හැදුවේ කවුද කියන්නවත් මම දන්නේ නැහැ. හැබැයි ඒකේ තිබුණු කතාව ඇත්ත. මේ පාටි එකේ තේමාව “Royal” නම් “මෙන්න ඇත්ත Royal කියලා විදෙස් රටවල ඡායාරූප උදාහරණයට දාලා තිබුණා. මේ පාටි එකේ අයගේ Photos කීපයකුත් පැත්තකින් දාලා තිබුණා. ඒක කාටවත් මඩක් ගහන්න හදපු දෙයක් ‍නෙවෙයි. Royal Party එකක ස්වභාවය මතු කරන්න දාපු උදාහරණයක්. නූගත් මෝඩ කෙනෙකුට ඒක වැටහෙන්නේ නැති වුණාට උගත් කෙනෙකුට ඒක තේරෙනවා. මම ඒ හින්දයි ඒ Post එක Share කළේ.

ඊට පස්සේ නේද මේ ගැටුම ඇති වුණේ ?
ඒ post එකේ ටීනා ඉන්නවා. තවත් නිළියක් මෙන්ම නිරූපිකාවකුත් ඉන්නවා. ඒ අය මේක තමන්ගේ කරගෙන කෑ ගහන්න තරම් නූගත් නැහැ. ඒ අයට මේක හරහා ජනප්‍රිය වෙන්න ඕනත් නැහැ. ඒත් ඒ post එකේ හිටපු එක්තරා කෙනෙක් පහත් විදියට මට බැණලා post එකක් දාලා තිබුණා.

විශ්ව ඊට පිළිතුරු දෙන්න ගියේ නැද්ද?
මගේ මට්ටමේ කෙනෙක්ට නම් මම උත්තර දෙනවා. තර්ඩ් ක්ලාස් කෙනෙක් එක්ක ඇයි මම පැටලෙන්නේ?
අශූචි ගොඩකට පයින් ගැහුවම මගේ කකුලෙත් අශූචි තැවරෙනවානේ.

ඇගේ Post එකට ඔබේ හිත රිදුනද?
ඇය Post 2ක් පළකර තිබුණා. පළමු එකේ මගේ බිරිඳට අපහාස කර තිබුණ හින්දා මගේ හිත රිදුනා. මගේ බිරිඳ වැදගත්, උගත් කාන්තාවක්. ඇය ඔවැනි අයගේ කතාවලට සැලෙන්නේ නැහැ. දෙවැනි Post එකෙන් මට අභූත චෝදනාවක් එල්ල කරලා තිබුණා. ඒ මම මගේ බිරිඳට පහර දෙන බවට. ජීවිතේට මම බිරිඳට තදින් කතාකරලාවත් නැහැ. මම බිරිඳටයි දරුවන්ටයි පණ වගේ ආදරය කරන පවුල තුළම රැඳිලා ඉන්න කැමැති කෙනෙක් හින්දයි අදටත් ගමට වෙලා ඉඳගෙන කලාකටයුතුවලට කොළඹ එන්නේ. මේ තරම් දරුණු අපහාස කරලත් මම නිහඬ වන්නේ නිවට කමට ‍නෙවෙයි. ඇයට අවශ්‍ය මාත් එක්ක ගැටුමක් ඇති කරගෙන දිගින් දිගටම රැගෙන ගිහින් FB හරහා ජනප්‍රිය වන්නයි. ඇයි මම ඇගේ අරමුණට ඉඩ දෙන්නේ. ඒ හින්දා මම නිහඬ වෙනවා. අනෙක මේ වනවිට ඔය සිදුවීමට ලක්ෂ ගණන් රසිකයෝ Comment දාලා තියෙනවා. ඒ හැමෝම දොස් කියලා තියෙන්නේ මට ‍නෙවෙයි ඇයටයි. ඇයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා නම් ඒ Comment ටික කියවලාවත් මීට පස්සේ තුට්ටු දෙකේ වැඩ කරන එක නවතයි.


News Articles
Latest Videos
Most Popular Post