News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

පන්දුව පළුඳු කල ඕස්ට්‍රේලියානු නායකයාව සහ දිනේෂ් චන්දිමාල්ව ICC ය රැකගනි.

7379 Views


පන්දුව පළුඳු කල ඕස්ට්‍රේලියානු නායකයාව සහ දිනේෂ් චන්දිමාල්ව ICC ය රැකගනි.

අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේනිගත කිරීම් නිකුත් වෙලා තියෙනවා. මෙවර නම් ලංකාවේ ක්‍රීඩකයින්ට කැපී පෙනෙන දස්කම් පෙන්නන්න තියෙනවා. හැබැයි චන්දිමාල් සහ හේරත් පළවෙනි 10 දෙනා අතර ස්ථානය රක ගන්න සමත් වෙලා තියෙනවා.

ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල තාමත් පළවෙනි ස්ථානය ඉන්නේ තරඟ තහනමට ලක්වුන ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්. දෙවෙනි ස්ථානය ඉන්දියාවේ විරාත් කෝලි තහවුරු කර ගෙන තියෙනවා.  ලංකාවේ දිනේෂ් චන්දිමාල් 10 ස්ථානයේ රැඳී ඉන්නවා. කුසල් මෙන්ඩිස් 16 වෙනි ස්ථානය දක්වා ඉහළට එන්න සමත් වෙලා තියෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථානය දකුණු අප්‍රිකාවේ රාබාඩා තහවුරු කර ගෙන තියෙනවා. එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් දෙවෙනි ස්ථානයත් දකුණු අප්‍රිකාවේ පිලැන්ඩර් තුන්වෙනි ස්ථානයත් හිමි කර ගෙන තියෙනවා. රංගන හේරත් එම ලයිස්තුවේ 9 වෙනි තැන හිමිකර ගෙන තියෙනවා.

ICC ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් වල පළවෙනි ස්ථානය බංගලාදේශයේ ෂකිබ් අල් හසන් හිමි කර ගෙන තියෙනවා. දෙවෙනි ස්ථානය හිමි කර ගෙන තියෙන්නේ රවීන්ද්‍ර ජඩේජා. දකුණු අප්‍රිකාවේ පිලැන්ඩර් තුන් වෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ලංකාවේ දිල්රුවන් 14 වෙනි ස්ථානයේත් හේරත් 15 වෙනි ස්ථානයේත් රැඳී ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post