ඕනවට වැඩිය කෑම කන අයට අපි කියන්නේ මළ පෙරේතයෝ වගේ කනවා කියලයි. මොකද කන්න ගියාම වුනත් සීමාවක් තියාගෙන කෑවේ නැත්තං ඒක ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. කොහොම වුනත් අමුතු විදිහට කෑම කන්න පුළුවන් පුද්ගලයෙක් ගැන අපට කළවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
නම හෙළිකරන්න අකමැති මේ පුද්ගලයා ගැන කළවාන ප්‍රදේශයේ අයගෙන් ගත්ත විස්තර අනුව පහතින් තියෙන්නේ මේ මනුස්සයා අසාමාන්‍ය විදිහට කන දේවල් ලැයිස්තුව. රෑට බත් කාලා ෆුල් කොත්තු 04 යි. ඒ වගේම හවසට බිත්තර ආප්ප 15 ක් කන දවසුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඔම්ලට් එකක් හදාගන්න ගන්නේ බිත්තර 1 ක් හෝ 2 ක් වුනත්, මෙයාට ඔම්ලට් එකක් හදාගන්න බිත්තර 15 ක් ඕන වෙනවා.
තවත් දවසක් මේ මනුස්සයා ඔට්ටුවක් දාලා ෆ්‍රයිඩ් රයිස් 07 ක් කාලා තියෙනවා. ඒ මැදිවෙලා, ඔට්ටුවට අමතරව තවත් ෆ්‍රයිඩ් රයිස් 02 ක් කෑවා කියලයි ආරංචි වෙන්නේ. ඒ වගේම තවත් දවසක් රෝල්ස් එකක් කන්න හිතාගෙන කඩේට ගිය ඔහු නැවතිලා තියෙන්නේ රෝල්ස් 80 ක් සහ වඩේ 20 ක් කාලා. එදා හෝටලේ බිල ගෙවාගන්න බැරුව තමන්ගේ Phone එක උකස් කරලා තියෙනවා.
කොහොම වුනත් මේ අසාමාන්‍ය කෑම රටාව නිසා මේ වෙද්දී ඔහු ණය කාරයෙකුත් වෙලා. මේ ණය ටික ගෙවන්න ඔහු කළවාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ බැංකුවකින් ණයක් අරගෙන තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.